2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

සවුදියේ කාන්තාවන්ට රියදුරු බලපත්

 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 51

කාන්තාවන්ට රියදුරු බලපත්‍ර නිකුත් කරන මෙන් සවුදි අරාබියේ සල්මන් රජතුමා නියෝග කර තිබේ. සවුදි අරාබිය කාන්තාවන්ට රිය පැදවීමට අවසර දෙන්නේ ප්‍රථම වතාවටය. කාන්තාවන්ට රිය පැදවීම මෙතෙක් තහනම් වී තිබූ ලොව එකම රට සවුදි අරාබියය.

කාන්තාවන්ට රිය පැදවීමට අවසර දෙන මෙන් මානව හිමිකම් සංවිධාන කලක් මුළුල්ලේ උද්ඝෝෂණය කළ අතර, පවතින නීතිය නොතකා රිය පැදවූ ඇතැම් සවුදි කාන්තාවන්ට සිරදඬුවම් පවා විඳීමට සිදුවිය. කාන්තාවන්ට රිය ධාවනයට අවසර ලබාදීමෙන් අනතුරු සංඛ්‍යාව අඩුවනු ඇතැයි රජතුමා කියා තිබේ.