2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

මැලේසියාවේ පාසලක දරුවෝ පණපිටින් අළුවෙති

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 130

වසර 20ක කාලයක් තුළ මැලේසියාවේ ඇතිවූ විනාශකාරී ගිනි අනතුර පසුගිය බදාදා දේශීය වේලාවෙන් පාන්දර 5.40ට ඇවිල ගියේය. කුරාණය කටපාඩමින් උගන්වන පාසලක් වූ ආරුල්කුරාන් ඉන්තිෆාතියා නමැති නේවාසික පාසලේ ගුරුවරුන් දෙදෙනකු ඇතුළුව 25 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මේ ගින්නට බිලිවිය.

පාසලේ පොදු නිදන ශාලාවක සිටි මේ පිරිස ගින්න හටගැනීමත් සමඟ පිටවීමට තිබූ එකම දොරෙන් රංචු ගැසී පිටවන්නට කළ අරගලය හේතුවෙන් එකිනෙකා මත වැටී පෑගී පසුව දුමාරය හේතුවෙන් හුස්ම හිරවී පිළිස්සී මියගොස් තිබුණි.

තට්ටු තුනකින් යුතු පාසල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ වූ පොදු නිදන ශාලාවේ ඇතිවූ විදුලි කාන්දුවක් මෙයට හේතුව දැයි සැක කෙරේ. නැතිනම් මාරයා පැමිණ ඇත්තේ මදුරු දඟරයක් ඔස්සේද යන්න ගැන සොයාගන්නට පරීක්ෂණ කෙරීගෙන යයි. මියගිය අය අතර සිසුන් 22ක් සිටි අතර නේවාසිකාගාර පාලකයන් දෙදෙනකුද වූහ. සිසුවන් වයස 13-17ත් අතර වූ අය බව වාර්තාවේ. ගින්නෙන් දිවි ගලවාගන තිබුණේ 18 දෙනකු පමණි. රජයේ මෙබඳු නේවාසික ආගම් පාසල් රටපුරා 519ක් පමණ පවතියි. මේවා අධ්‍යාපන අමාත්‍යංශයට අයත් නොවන අතර වෙනම ආගමික දෙපාර්තමේන්තුවකින් පාලනය කෙරේ. මේ කියන ආයතන බොහෝමයක් ලියාපදිංචි ඒවා නොවන බව කියයි.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00