2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

පැන්ඩා ආච්චි සමුගනියි

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 194

මිනිස් භාරයේ වැඩුණු, ලොව වයස්ගතම යෝධ පැන්ඩා මරණයට පත්ව තිබේ. චීනයේ අග්නිදිග කලාපයේ ෆූජෝ ප්‍රාන්තයේ ජීවත් වූ බාසි නම් වූ මෙම යෝධ පැන්ඩා මිය යනවිට 37 හැවිරිදි වූවාය. 14දා උදෑසන 8.50ට ඇය අවසන් ගමන් ගියාය.

තම පරම්පරාවේ අන් සියලු පැන්ඩාවන්ට වඩා වැඩි කලක් ජීවත් වූ බාසිගේ 37 වසරක ආයු කාලය මිනිස් ආයුෂ සමඟ සංසන්දනය කළහොත් ඇය වසර සියය ඉක්මවූ මිත්තණියකට සමකළ හැකිය.

ඇය බාසි නමින් අමතනු ලැබුවේ චීනයේ බාසි මිටියාවතේ සිටිය දී මුදා ගනු ලැබූ හෙයිනි. එවකට ඇය වයස අවුරුදු හතරක හෝ පහක පැන්ඩා පැටවෙකි.