2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

සියවසේ දරුණුතම සුළි කුණාටුව කඩා වදියි

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 137

සතියකට පෙර වසර 56කට පසුව ආ දරුණුතම සුළි සුළඟට  සහ වර්ෂාවට මුහුණ දුන් අමෙරිකාවට දැන් කඩාවැදී ඇත්තේ මහා සුළි කුණාටුවකි. මේ සියවසේ රුදුරුතම සුළි සුළඟ වන මෙය ඉර්මා ලෙස හඳුන්වාදී තිබේ. පැයට සැතපුම් 185ක වේගයකින් ඉරිදා වනවිට මෙය මියාමේ වෙත කඩාවැදීමට නියමිතය. උතුරු කැරිබියානු දූපත් ඔස්සේ හයිටි සහ ෆ්ලොරිඩා වෙත කඩා වදින මේ සුළි සුළඟ දැනටමත් ඊසාන දිග කැරිබියානු දූපත් වන, ඇන්ග්‍යුලා, බර්බ්‍යුඩා, සේන්ට් මාර්ටින්, වර්ජින් අයිලන්ඩ්, පුවෙර්ටෝ රිකෝ, හයිටි, බහාමාස්, කියුබා දූපත් රාජ්‍යයන්හි ගොඩනැගිලි සියයට 90ක්ම සුන්බුන් කර දමා වැසි ජලයේ ගිල්වා මහා විනාශයක් සිදුකර හමාරය. සමහරු මේ දූපත්වල සිදුව ඇති විනාශය සමකරන්නේ න්‍යෂ්ටික ප්‍රහාරයකට පසු දක්නට ලැබෙන මහා ආලාපාළුවකටය.

මේ වනවිට කුඩා දරුවකු ඇතුළු 13ක් මියගිය බව වාර්තා වෙතත් මරණ හෝ අතුරුදන් වූ සැබෑ ප්‍රමාණය වාර්තාගත කිරීමට තවමත් අවශ්‍ය දත්ත ප්‍රමාණවත් නැත. රතුකුරුස වාර්තාවන්ට අනුව මේ වනවිට සුළි කුණාටුව මගින් මිලියන 26ක් ආපදාවට ලක්ව තිබේ. මේ අතර ඈත ඇන්ටාක්ටික් සාගරය ඔස්සේ තවත් සුළි කුණාටුවක් ඉර්මා, වනසා දැමූ දූපත් රාජ්ජයන් වෙතටම කඩා වැදීමට නියමිතය. මේ කුණාටු තර්ජන හේතුවෙන් ලක්ෂ ගණනක් ජනතාව පදිංචි ස්ථානවලින් ඉවත් කිරීම මේ වනවිටත් අරඹා තිබේ. කැරිබියානු දූපත්වල මෙන්ම මියාමියේ ද ගුවන් තොටුපොළ වසා දමා තිබේ. ෆ්ලොරිඩාවේ න්‍යෂ්ටික විදුලි බලාගාර මේ වනවිට අක්‍රිය කර හමාරය.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00