2016 දෙසැම්බර් 23 වන සිකුරාදා

කුඩ්ඩන් මැරූ බව ජනාධිපති පිළිගනියි

 2016 දෙසැම්බර් 23 වන සිකුරාදා, ප.ව. 07:41 119

 

පිලිපීනයේ මාස 05ට ඝාතන 5927යි

දවාඕ නගරයේ නගරාධිපතිවරයාව සිටියදී අපරාධ සම්බන්ධ සැකකරැවන් මරාදැමූ බව පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ දුටර්ටේ පවසයි. තමා මිනිස් ඝාතන සිදුකර ඇති බව රටේ ජනාධිපතිවරයා ලෙස ඔහු පිළිගත් ප්‍රථම අවස්ථාව මෙයයි.
නගරාධිපතිව සිටියදී ඝාතන සිදුකළ බව විටෙක පිළිගත් ජනාධිපති දුටර්ටේ තවත් විටෙක එසේ මිනීමැරැම් සිදුකළ බව ප්‍රතික්ෂේප කළේය.

මැනිලා නුවරදී ව්‍යාපාරිකයන් පිරිසක් අමතමින් ඔහු පැවසුවේ තමා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මරාදැමීමට පුරුදුව සිටියේ පොලීසියටද එලෙස කළ හැකි බව පෙන්වීම සඳහා බවය. මත්ද්‍රව්‍යය මුලිනුපුටා දමන බව පවසමින් පසුගිය ජූනි මාසයේදී දුටර්ටේ ජනාධිපති පදවියට පත්වීමෙන් පසු දහස් ගණනක් පුද්ගලයන් පොලීසිය සහ මත්ද්‍රව්‍ය පිළිබඳ සොයාබැලීමේ නියුතු පිරිස් විසින් මරා දමනු ලැබීය. පොලීසිය විසින් 2086ක්ද වෙනත් ස්වාධීන දඩයක්කරුවන් විසින් 3841ක්ද ඝාතනයට ලක්විය. ජනාධිපතිවරයා බලයට පැමිණි වහා එහි 60,000ක් ජාවාරම්කරුවෝ රජයට බාරවූහ.

මත්ජාවාරම අත්හරිනතුරු තවත් ලක්ෂ 10ක් වුවත් ඝාතනය කරන බව පිලිපීන ජනාධිපති කියා තිබේ.

 

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00