2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

කිම් ජොං උන් ඝාතන සැලැසුමක්

 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 51

උතුරු කොරියාවේ නා‍ෙහට නාහන ක්‍රියා හේතුවෙන් දැන් තුන්වන ලෝක යුද්ධයකට පාර කැපී තිබේ. ශාන්තිකර කලාපයේ යුද මෙහෙයුම්වල ආරම්භක පියවර ලෙස සඳහන් කරමින් උතුරු කොරියාව පසුගිය අඟහරුවාදා ජපානයේ හොකයිදෝ දූපතට ඉහළින් ගමන් ගන්නා ලෙස මිසයිලයක් යැවීය. මේ මිසයිල ප්‍රහාරයෙන් ජපානය මෙන්ම අමෙරිකාව, දකුණු කොරියාව මෙන්ම එක්සත් ජාතීන්ද, නේටෝ හමුදාවන්ද ප්‍රකෝපකාරී බවට පත්විය. අමෙරිකාව ඊට පසුදාම කොරියන් මුහුදු සීමාවේදී මිසයිල නාශක අවි භාවිතා කර සිය ශක්තිය ප්‍රදර්ශනය කළේය. ඉකුත් බ්‍රහස්පතින්දා අමෙරිකාව සහ දකුණු කොරියාව සිය බෝම්බ හෙලන ප්‍රහාරක යානා යොදා තර්ජනාත්මක යුද අභ්‍යාසයක් පැවැත්වීය.

අමෙරිකාවේ B-1B බෝම්බ හෙලන යානා 2ක්, දකුණු කොරියානු F-15 ප්‍රහාරක යානා 4ක් අමෙරිකාවේ F-35B ප්‍රහාරක ජෙට් 4ක් මේ සඳහා යොදා ගැනුණි.

මේ අතර දකුණු කොරියාවේ බුද්ධි නිලධාරීහු කිම් ජොන් උන් සහ ඔහුගේ නාහෙට නාහන නිලධාරි මණ්ඩලය ඝාතනය සඳහා උපාය මාර්ගික සැලසුමක් සිය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළේය. උතුරැ කොරියානු නායකයාගේ නොපනත් හැසිරීම් හේතුවෙන් යම් හෙයකින් ලෝක යුද්ධයක් ඇවිල යන්නට මගපෑදුනහොත් වහාම ඔහු ඝාතනයට මේ සැලසුම් යොදාගැනීමට බලාපොරොත්තු වේ.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00