2017 ජනවාරි 20 වන සිකුරාදා

මුස්ලිම් ගම්මාන ගිනිතැබූ මියන්මාර් හමුදාව

 2016 දෙසැම්බර් 23 වන සිකුරාදා, ප.ව. 07:28 24

 

රෝහින්ගියා මුස්ලිම් ගම්මාන ගිනිබත් කිරීමට මියන්මාර හමුදා සම්බන්ධ වී ඇතැයි සනාථ කෙරෙන චන්ද්‍රිකා ඡායාරූප තමන් සතු බව හියුමන් රයිට්ස් වොච් මානව හිමිකම් සංවිධානය පසුගියදා කීවේය.

එම සංවිධානය වැඩිදුරටත් කියා සිටියේ ඡායාරූපවලට අනුව ගිනි තබන ලද නිවාසවලට නුදුරින් හමුදා රථ නවතා තිබෙනු දැකිය හැකි බවය.

ඒ සම්බන්ධයෙන් මියන්මාර ආණ්ඩුව මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැත. එහෙත් ජාත්‍යන්තරයේ අනුකම්පාව ලබා ගැනීමේ අරමුණින් රෝහින්ග්‍යා ජනතාව විසින්ම ඔවුන්ගේ නිවාසවලට ගිනි තබනු ලැබ ඇති බවට ආණ්ඩුව මීට ඉහත දී චෝදනා කළේය.

ඔක්තෝබරයේ නැවතත් ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාමත් සමග මියන්මාරයේ සුළුතරයක් වන රෝහින්ගියා මුස්ලිම් වැසියන් දස දහස් ගණනක් අසල්වැසි බංග්ලාදේශය වෙත පළාගොස් තිබේ.

 

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, ප.ව. 06:10
 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, ප.ව. 06:00