2017 අගෝස්තු 26 වන සෙනසුරාදා

සසිකලා හිරෙන් පනී

 2017 අගෝස්තු 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 412

කර්නාටක පොලීසියේ දූෂණ මර්දන කාර්යාංශය වෙත ලැබුණු CCTV දර්ශනයක දැක්වෙන්නේ තමිල්නාඩුව කැළඹූ ගුප්ත දේශපාලන චරිතයක් වන වී.කේ. සසිකලා හිරගෙයින් පැන යන අයුරුය. ඇයත් සමඟ සිරගතවූ සහායිකාවක වන ඉලවරයිද සසිකලා සමඟ සාමාන්‍ය සිවිල් ඇඳුමින් සැරැසී හිරගෙදර ප්‍රධාන ගේට්ටුව අසලින් නිදැල්ලේ ගමන් ගන්නා ආකාරය එහි සටහන්ව තිබේ. ඇයත් සමඟ සිරගෙදර ප්‍රධාන බන්ධනාගාර නිලධාරිනියක්ද ගමන් කරනු එහි සටහන්ව ඇත.

උපයාගත් ආකාරය නිසි ලෙස ඔප්පු කරන්නට නොහැකි වූ මහජන මුදල් කෝටි ගණනක වංචාවක් හේතුවෙන් මහඇමැති පුටුවේද ඉඳගත් සසිකලා හට සිරදඬුවම් නියම කෙරිණි. සසිලකාට සාමාන්‍ය සිරකරුවකුට මෙන්ම සැලකීමට අධිකරණය මගින් නියෝග ලැබී තිබුණද හිටපු මහ ඇමැතිනිය ජයලලිතා තරම්ම කට්ට සූර දේශපාලන තෙම්පරාදුවකින් සැදුණු චරිතයක් වන ඇය තමන්ට අවශ්‍ය පරිදි හිරගෙදර පරිසරයද සකස් කරගන්නට සමත්ව සිටී. මේ බව දූෂණ මර්දන කාරයාංශය වෙත වීඩියෝ පට, ඡායාරූප ඇතුළු සාක්ෂි 74ක් සහිතව ලිඛිත දැනුම්දීමක් කර ඇත්තේ කර්නාටකයේ පරප්පතා අග්‍රාවාර් හිරගෙදර හිටපු පාලකවරිය ඩී. රූපාය. 

සසිකලාගේ හිරගෙදර අත්තනෝමතික හැසිරීම ගැන ඇය කරුණු එළිදරව් කිරීමත් සමඟ ඇය රථවාහන පරිපාලන අංශයට මාරුකර යවා තිබේ. පිටු 12ක වාර්තාවක් මගින් ඇය සසිකලා හට හිරගෙදර තුළ ලබාදී ඇති විශේෂ සැලකිලි සමුදාය එළිදරව් කර තිබේ. සසිකලාගේ මෙම හිතුවක්කාර හැසිරීම පිළිබඳ විශේෂ කමිටුවක් මගින් සැකසූ වාර්තාව මේ වනවිට කර්නාටක මහ ඇමැතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00