2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

කොරියාව ලෝකය ගිනි තබයි

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 379

එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය සෙනසුරාදා උතුරු කොරියාව වෙත තවදුරටත් තදබල ආර්ථික සම්බාධක පැනැවීය. මේ සම්බන්ධයෙන් එරට දෝෂාරෝපණය කළේ අමෙරිකාව වෙතය. අඬන්න සිටි මිනිහාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නාක් බඳුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය අඟහරුවාදා කටපත්ත ඇද්දේ ලෝකය මෙතෙක් නොදුටුවිරූ කෝපාග්නිජාලාවකට උතුරු කොරියාව ගොදුරු කරන බවටය. ඒත් සමග උතුරු කොරියාවේ හමුදා නායක ජනරාල් කිම් රාක් ගයියොම් බ්‍රහස්පතින්දා තදබල අනතුරු ඇඟවීමක් කළේය. අමෙරිකාවේ ශාන්තිකර කලාපීය මහා මිලිටරි කඳවුර වන ගුවාම් දූපත මුළුමනින්ම දවා හළු කරන බවටය.

තමන් සතුව න්‍යෂ්ටික මිසයිල තිබෙන බවට උතුරු කොරියාව කලෙක සිටම පම්පෝරි ගැසුවේය. උතුරු කොරියාව සතුව බොහෝදුරට න්‍යෂ්ටික අවි ඇති බවට ජපාන රජය සිය ආරක්ෂක ධවල පත්‍රිකාවකින්ද අනතුරු අඟවා තිබුණි. එරට නායක නාහෙට නාහන ඉක්මන් කේන්තිකාරයකු වන කිම්ජොන් උන් අමෙරිකාව ප්‍රමුඛ බටහිර සන්ධානයේ අනතුරු ඇඟවීම් සම්බාධක නොතකා සිය මිසයිල අත්හදා බැලීම් දිගටම පවත්වාගෙන ගියේය. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය එරටට එරෙහිව තවදුරටත් තදබල ආර්ථික සම්බාධක පැනවූයේය. ඇවිලෙන ගින්නට පිදුරු දමන්නට මෙන් අමෙරිකාව සහ දකුණු කොරියාව අගෝස්තු මාසය ආරම්භයේ ඒකාබද්ධ හමුදා අභ්‍යාස පැවැත්වූ අතර උතුරු කොරියාව එයට ප්‍රතිචාර දැක්වූයේද ආවේගශීලීවය. යම්හෙයකින් උතුරු කොරියාව කටපත්ත ඇද්දා සේම ගුවාම් වෙත මිසයිල ප්‍රහාර එල්ල කළහොත් අමෙරිකාව, ජපානය ප්‍රමුඛ බටහිර සන්ධානය වෙතින් ප්‍රබල ප්‍රතිවිපාක විඳින්නට එරටට සිදුවනු නියතය. අමෙරිකාවේ සහ උතුරු කොරියාවේ කිව්වා නාහන ආවේගශීලී නායකයන් දෙදෙනා ඒ අනුව මුළු ලෝකයම න්‍යෂ්ටික ගින්නෙන් ඇවිලෙන තුන්වැනි ලෝක යුද්ධයකට මුලපුරනු ඇත.

ගුවාම් දූපත යුදමය වශයෙන් අමෙරිකාවට ඉතා වැදගත් මර්මස්ථානයකි. ශාන්තිකර සාගරයේ පිලිපීනය සහ හවායි අතර පිහිටි වර්ග සැතපුම් 209ක් වූ මෙහි 163,000ක ජනතාවක් වෙසෙති. 1898 දී ස්පාඤ්ඤයෙන් උදුරාගත් පසු අමෙරිකානු පාලන මධ්‍යස්ථානයක් බවට පත්වූ මෙහි උතුරේ ඇති ඇන්ඩර්සන් ගුවන් හමුදා මූලස්ථානය සහ දකුණේ නාවික හමුදා මූලස්ථානය, දකුණු චීන මුහුද, කොරියානු අර්ධද්වීපය මෙන්ම තායිවාන සමුද්‍ර සන්ධිය වෙත ක්ෂණික මෙහෙයුම් සඳහා ප්‍රවේශය සපයන්නකි.

අමෙරිකානු නාවුක හමුදාවේද ප්‍රබල න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක සබ්මැරීන 4ක් ඇතුළු සබ්මැරීන ප්‍රහාරක ඛණඩයක්ද හත්දාහක මිල්ටරි බලකායක්ද සහිත මෙහි කිලෝමීටර් 3ක ගුවන්පථයක්ද වෙති.

B-1, B-2 සහ B-52 ලෝකයේ වේගවත්ම ප්‍රහාරක ගුවන් යානා මෙහි සැරිසරති. 2013 දී අමෙරිකාව THADD මිසයිල ආරක්ෂක පද්ධතියක්ද මෙයට එක්කර තිබේ.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික මිසයිල වැඩපිළිවෙළ අත්හැර දැමීමට පෙළඹවීම සඳහා පීඩනයක් එල්ල කිරීමට එක්සත් ජාතීන් පැනවූ දැඩි ආර්ථික සම්බාධක මගින් එරට අපනයන ආදායම තුනෙන් එකකකින් අඩු කිරීමට බලාපොරොත්තු වෙයි. මේ නව පියවර කෙටුම්පත් කිරීමට උඩගෙඩි දුන්නේය යන සැකය මත අමෙරිකාවට තදබල ලෙස වන්දි ගෙවීමට සිදුවනු ඇති බවට උතුරු කොරියාව තර්ජනය කර තිබේ. දැන් උතුරු කොරියාවට එරෙහිව එරටට මිත්‍රශීලී රාජ්‍යයන් ලෙස මෙතෙක් පැවති චීනය සහ රැසියාවද පෙළගැසී සිටිති. දැන් .....

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00