2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

යේමනයේ දස දහසක් ගුවන් තොටුපළ නිසා මියයයි

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 119

යේමනයේ සානා ගුවන්තොටුපළ වසරක පමණ කාලයක් වසා තැබීම හේතුවෙන් දස දහසකට අධික පිරිසක් මියගොස් ඇති බව අනාථයන් පිළිබඳ නෝර්විජියානු කවුන්සලය පෙන්වා දෙයි.

සෞදිය ඇතුළු සන්ධානය මගින් පැනැවූ සම්බාධක සහ ගුවන් සීමා තහනම හේතුවෙන් සෞඛ්‍ය ආධාර ලබාගැනීම සඳහා වෙනත් රටවල් කරා යාමට නොහැකි වීමෙන් සුවකළ හැකි සුළු රෝගාබාධවලින් පවා දහස් ගණනක් මරණයට පත්ව ඇති බව එම සංවිධානය පෙන්වා දී ඇත.

යේමන අර්බුදයට 2015 දී අතපෙවූ සෞදිය ඇතුළු සන්ධානය පසුගිය වසරේ අගෝස්තු 9 වැනිදා සානා අන්තර්ජාතික ගුවන්තොටුපළ වසා දැමීමට කටයුතු කළේය. එයට පෙර වසරකට හත්දහසකට ආසන්න පිරිසක් සෞඛ්‍ය ආධාර සඳහා විදෙස් ගතව තිබේ. පසුගිය වසර දෙක තුළදී රටතුළ ඇති ගැටුම් හේතුවෙන් විසිදහසකට ආසන්න පිරිසකට හදිසි වෛද්‍ය ආධාර සඳහා විදෙස් ගතවීමට සිදුව තිබුණි. ඔවුන්ට පැය 24ක කාලයක් ගතකර දකුණු යේමනයේ හියුස් ගුවන් තොටුපළ කරා යාමට සිදුව ඇති අතර ඒ හේතුවෙන් ගමන් අතරවාරයේදී බොහෝ දෙනෙකු මියගොස් ඇත.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00