2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

විද්‍යාව රකින්න පාරට බහියි

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 84

ඉන්දියාවේ නගර 25කට අධික සංඛ්‍යාවක් වීදි දහස් ගණන් විරෝධතාකරුවන්ගෙන් පසුගිය බදාදා පිරීඉතිරී ගියේය. විද්‍යාව සහ තාක්ෂණය රැකගැනීම සඳහාය. විද්‍යාත්මක සහ තාක්ෂණික පර්ෙය්ෂණ කටයුතු සඳහා ලබාදෙන ආධාර වැඩිකරන ලෙස ඉල්ලා මේ විරෝධතාව පැවැත්විණි. දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට තුනක්වත් අඩුතරමින් මූලික විද්‍යාත්මක  පර්ෙය්ෂණ සඳහා වෙන්කරන ලෙසත් අධ්‍යාපනය සඳහා සියයට 10ක් ලබාදෙන ලෙසත්, මොවුහු ඉල්ලා සිටිති. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්‍යාඥයන්, ආචාර්ය මහාචාර්යවරුන් සහ සිසුන්ගේ ආධාරකරුවන් විද්‍යාව රැකගන්නට මෙසේ පාරට බැස තිබුණි.

පසුගිය ජනවාරියේ අගමැති මෝදි සඳහන් කර තිබුණේ ලෝකයේ විද්‍යාත්මක තාක්ෂණ දියුණුව ලැබූ ප්‍රධාන රටවල් තුන අතරට ඉන්දියාව 2030 වනවිට ගෙන ඒමට කටයුතු කළ යුතු බවටය. එසේ වුවද පාරට බැස්ස විද්වතුන් පෙන්වා දෙන්නේ මෝදිගේ කතාව සැබෑ කරන්නට ආණ්ඩුව කටයුතු නොකරන බවටයි. ලෝක බැංකු වාර්තා පෙන්වා දෙන්නේ පසුගිය වසර කිහිපය තුළ ඉන්දියාව විද්‍යාත්මක පර්ෙය්ෂණ සඳහා දළ දේශීය නිපැයුමෙන් දසම 8ක් පමණක් වෙන්කර ඇති බවය.