2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

යේමනයේ ඛේදවාචකය

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 99

බලයෙන් පහ කරනු ලැබූ යේමන් ජනාධිපතිවරයාට පක්ෂ කණ්ඩායම් හා හවුති සටන්කාමීන් අතර වසර දෙකක් පුරා පවතින ගැටුම් හේතුවෙන් යේමන ජනතාව බහුතරයක් මේ වනවිට දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති. කොරේ පිටට මරේ කියන්නාක් සේ ලක්ෂ ගණනක් කොලරා රෝගයෙන් ද බැට කති. බලයෙන් පහකරනු ලැබූ යේමන ජනාධිපතිවරයාට සෞදි අරාබිය සෘජුව හමුදා සහාය එල්ල කරමින් සිටින අතර ගුවන් ප්‍රහාර හා හමුදා ප්‍රහාරයන්ට ලක්ව යේමන සිවිල් වැසියන් විශාල පිරිසක් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇත.

සිවිල් යුද්ධයට මැදිව සිටින ජනතාව දැඩි ලෙස පානීය ජලය, ආහාර, සෞඛ්‍ය පහසුකම් හා සනීපාරක්ෂක පහසුකම් නොමැතිව සරණාගතයින් බවට පත්ව සිටිති. යේමන වැසියන්ගෙන් 70% පමණ මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී ඇති බව වාර්තා වේ.

යේමන වැසියන්ගෙන් 60%ක් පමණ තමන්ගේ ඊළඟ ආහාර වේල සපයා ගන්නේ කෙසේද යන්න පිළබඳව නිශ්චිතව නොදනී. ළමුන් ලක්ෂ පහකට වැඩි පිරිසක්ද උග්‍ර මන්දපෝෂණයට ගොදුරු වී ඇති බැවින් යේමනයේ අනාගතය ඉතාම අනතුරැදායක තත්ත්වයකට පත්ව ඇත.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00