2017 ජුලි 29 වන සෙනසුරාදා

චීනයේ අලුත්ම ප්‍රහාරකයා

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 233

චීනය, නියමුවන් රහිත ප්‍රහාරක ගුවන් යානා වාණිජමය වශයෙන් නිෂ්පාදනය ආරම්භ කර තිබේ. ඇමෙරිකාව විසින් නිෂ්පාදිත නියමුවන් රහිත ගුවන් යානයකට පිළිතුරු වශයෙන් RH-5 රේන්බෝ නැමැති මෙම ගුවන් යානය වෙළෙඳපොළට ඉදිරිපත් කර ඇත.

ඇමෙරිකාව විසින් නිෂ්පාදනය කළ MQ-9 රීපර් නැමැති නියමුවන් රහිත ප්‍රහාරක ගුවන් යානයේ වෙළෙඳපොළ වටිනාකමෙන් අඩක මිලකට චීන ගුවන් යානය මිල කර ඇත.  කෙසේ වෙතත් අමෙරිකානු ගුවන් යානයට මීටර 15,000ක උපරිම උසකට ගමන් කළ හැකි අතර චීන ගුවන් යානයේ එය මීටර් 9000කට සීමා වන බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් මෙම නියමුවන් රහිත චීන ගුවන් යානය මගින් භූමියේ ඉලක්ක වෙත සාර්ථකව ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතින බව නිෂ්පාදකයෝ පවසති.