2017 ජුලි 29 වන සෙනසුරාදා

තක්කාලි ගාඩ්

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 130

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ අමුතුම හමුදාවක් දක්නට ලැබේ. මෙය යොදවා ඇත්තේ තොග වෙළෙඳපොළක පවතින තක්කාලි ආරක්ෂා කරගැනීම සඳහාය. මීට හේතුව වී තිබෙන්නේ ඉන්දියාවේ තක්කාලි මිල ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පැවතීමයි. මේ නිසා සොරකම්ද ඉහළ ගොසිනි.

ඉන්දෝර් නගරයේ ඇති මෙම තොග වෙළෙඳපොළ තුළ සන්නද්ධ මුර භටයන් හය දෙනෙකු පමණ යොදවා ඇති අබව එහි සිටින තොග වෙළෙන්දෙකු පැවසීය. විශේෂයෙන්ම තක්කාලි රැගත් ට්‍රක් රථ මෙම ස්ථානයට ළඟාවෙද්දී ආරක්ෂාව සැපයීම සඳහා සන්නද්ධ භටයෝ සීරුවෙන් සිටිති. ඇතැම් පුද්ගලයන් තක්කාලි සොරකම් කර විකිණීමෙන් විශාල මුදලක් උපයාගන්නා බව වාර්තා වී තිබේ.

මීට මාසයකට පමණ ඉහතදී මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයෙන් අධික තක්කාලි අස්වැන්නක් ලැබුණු අතර බොහෝ ගොවියෝ තක්කාලි විකුණා ගැනීමට නොහැකිව තොග පිටින් මග දෙපස දමා ගියහ. ඉන්දියාවේ තක්කාලි වගා කෙරෙන ප්‍රධාන ප්‍රදේශවලට ඇදහැළුණු ධාරානිපාත වර්ෂා හේතුවෙන් මෙවර අස්වනු විනාශ වී ඇත. අස්වැන්න හිඟවීම හේතුවෙන් මේ වනවිට තක්කාලි කිලෝවක් ඉන්දියානු රුපියල් 100කට පමණ විකිණෙන අතර එය කලින් තිබූ මිල මෙන් දෙගුණයක් බව වාර්තා වෙයි.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00