2017 ජුලි 22 වන සෙනසුරාදා

ඩ්‍රෝන දඩයක්කාරයා

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 186

අහසේ පියාසරණ උකුසු නෙතට සමකළ හැකි ඔත්තු බලන නියමුවන් රහිත ඩ්‍රෝන යාත්‍රා දැන් කාටත් හිසරදයක් බවට පත්ව තිබේ. අනාගත යුද්ධවලදී කාටත් බේරීමක් නොවන සේ ලුහු බැඳීමටත්, ප්‍රහාර දීමටත් මේ යානා බහුලව යොදා ගනු ඇත. මේ නිසාම ඩ්‍රෝන යාත්‍රා දඩයම් කළ හැකි නවතම අවියක් නිපදවීමට අමෙරිකා නාවුක හමුදාව කටයුතු කර තිබේ.

ඩොලර් මිලියන 40කට ආසන්න මුදලක් වැයකර නිපදවා ඇති මේ ඩ්‍රෝන දඩයම්කරු ලේසර් තුවක්කුවකි. දැනටමත් දිය ගොඩ දෙකෙහිම ගමන්ගත හැකි USS Ponce යාත්‍රාවේ පිහිටුවා ඇති මෙය පරීක්ෂාවට ලක්කිරීම පසුගියදා සිදුකර තිබේ. තමන් වෙත එන අන්තර් මහද්වීපික මිසයිලයක් මෙන් පනස් දහසක ගුණයක් වේගයෙන් හෙවත් ආලෝකයේ වේගයෙන් නිවැරදිව ප්‍රහාර එල්ල කරන්නට මෙය සමත්ය. මේ මගින් කිලෝවොට් 30ක ප්‍රබල පිළිස්සුම් බලයක් ඉලක්ක වෙත යොමු කරනු ඇත.