2017 ජුලි 22 වන සෙනසුරාදා

පළිගැනීමේ දූතිකාව

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 200

අයිසිස්වරුන්ගෙන් පළි ගැනීමේ අදිටනින් අවි අතට ගත් අලුත්ම යුවතිය හෙෂාය. ඇය යෂිඩ් යුවතියකි. රඛා අගනුවරට නැගෙනහිරින් පිහිටි අල් මෙෂ්ලෙබ් දිස්ත්‍රික්කයේ සිය සගයන් හා අයිසිස්ට එරෙහි සටන තම හිතට මහත් සහනයක් සලසන බව ඈ කියයි. ඒ ඇය මුහුණ දුන් ඛේදනීය අත්දැකීම් නිසාය.

2014 අගෝස්තුවේ සින්ජාර් ප්‍රදේශයට කඩාපැන්න IS මූලධර්මවාදීහු ඇය සමඟ ඇගේ සහෝදරියන් දෙදෙනාද අල්ලාගෙන ආවේ තවත් දහසක් පමණ දෙනා සමඟය. ඔවුන් බොහෝ දෙනා සමූල ඝාතනය කෙරුණු අතර, කාන්තාවන් ලිංගික වහලුන් ලෙස සටන්කරුවන් අතර වෙන්දේසි කර කාමුක වධහිංසාවලට දිනපතා ලක්කරනු ලැබුණි.

2015 මැයි මාසයේදී තමා රඳවා සිටි නිවසේ සිට මාරකැට්ටුව වෙත පලා එන ඇය කුර්දිෂ් ජාතික පවුලක පිහිටෙන් ඉරාකයට පැනගනියි. සැතැපුම් 250ක් දුර ඊසාන දිග සිරියාව ඔස්සේ යුද ගිනිදැල් මැදින් පැමිණි ඈ ඉරාකයේ ෂෙන්ගාල් කාන්තා ඒකකයට එක්විය. අමෙරිකානු ආධාර ලබන මෙම මිලිටරි ඒකකයේ පුහුණුවෙන් පසු 2016 නොවැම්බරයේ ඇරුඹි රඛා බේරාගැනීමේ සටනට එක්වූ හෙෂා දැන් අයිඑස් සටන්කාමීන් බිලිගන්නා මරණයේ දූතිකාවකි.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00