2017 ජුලි 22 වන සෙනසුරාදා

කොට සායේ අවනඩුව

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 70

කොට සායක් සහ හැට්ටයක් ඇඟලා පොදු ස්ථානයක සිටින ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනයක් අන්තර්ජාලයේ පළකළ තරුණියකගෙන් සෞදි පොලීසිය ප්‍රශ්න කළේය. සෞදි රාජ්‍ය මාධ්‍ය කියා සිටියේ අවිනීත ඇඳුමකින් සැරසී සිටි මෙම කාන්තාව රජයේ නීතිවේදීන් වෙත යොමුකරනු ලැබූ බවය.

රියාද් අගනුවරට කිලෝමීටර 155ක් උතුරු දිගින් පිහිටි ඓතිහාසික බලකොටුවක් ආසන්නයේ තමන් ඇවිද යන ආකාරය දැක්වෙන දර්ශන නිරූපිකාවක් වන කුලුද් නමැති මෙම කාන්තාව විසින් ස්නැප්චැට් සමාජ ජාලයේ පළකරනු ලැබ තිබිණි. ඒ සමඟ ඇය සොයා සෞදි අරාබි බලධාරීන් විසින් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබිණි. ඇයගේ එම ක්‍රියාව සමාජ ජාල තුළ සංවාදයට බඳුන්ව ඇති අතර ගතානුගතික මුස්ලිම් ඇඟලුම් රටාව කඩ කිරීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගන්නා ලෙස සමහරෙක් ඉල්ලා සිටියහ. තරුණිය වෙනුවෙන් පෙනී සිටින ඇතැමි සෞදි ජාතිකයෝ ඇයගේ නිර්භීතභාවය ඇගයීමට ලක්කළහ.

සිරුර සම්පූර්ණයෙන් ආවරණය වන අබායා ඇඟලීම සෞදි අරාබිය තුළ දී කාන්තාවන්ට අනිවාර්ය වේ. මුස්ලිම් භක්තික කාන්තාවක් නම් හිස ආවරණය කර ගත යුතුය. සෞදිය තුළ කාන්තාවන්ට රිය පැදවීම තහනම් අතර ඥාතීන් නොවන පුරුෂයන්ගෙන් ඔවුන් වෙන්ව තැබේ. අදාළ වීඩියෝ දර්ශනය සම්බන්ධයෙන් සෞදි ට්විටර් ගිණුම් හිමියන් අතරද මත දෙකක් පවතී. තරුණියට දඬුවම් කළ යුතු බව ඉන් එක් මතයකි. තමන්ට රිසි ඇඳුමක් ඇඟලීමට ඇයට ඉඩදිය යුතු බව අනෙක් මතයයි.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00