2017 ජුනි 24 වන සෙනසුරාදා

ගැබිණි මවුවරුන්ට රාගය අකැපයි

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 74

යෝගා දිනයේ අපූරු උපදේශ

මස් මාළු බිත්තරත් තහනම්

ගැබිණි මව්වරුන් සහ දරුවන්ගේ සුවසෙත වෙනුවෙන් ලියැවුණු පොත් පිංචක්, දේශීය සහ වෛකල්පිත වෛද්‍ය ක්‍රම ප්‍රවර්ධනය සඳහා ඉන්දීය රජය මගින් පිහිටුවා ඇති ආයුෂ් අමාත්‍යංශය පසුගිය සතියේ දී බෙදාදී තිබේ.

ගැබිණි කාන්තාවන් බිත්තර සහ මාංශ අනුභවයෙන් වැළකී, ශාරීරික ව්‍යායාමවල යෙදෙමින් ආශාවන්ගෙන් සහ රාගයෙන් තොරව කල්ගත කළ යුතු බව එය කියයි. තම නිදන කාමරය තුළ අලංකාර පින්තූර එල්ලා තැබිය යුතු බවද එම උපදෙස් මාලාවේ සඳහන්ය. පිටු දාසයකින් යුතු මෙම කුඩා ග්‍රන්ථය ඉන්දියාවේ මාධ්‍යවේදීන්ට ද ලබා දී තිබේ.

මෙම ග්‍රන්ථය මීට තෙවසරකට ඉහත දී මුද්‍රණය කර තිබෙන නමුත් පසුගිය බදාදාට යෙදුණු ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් එය යළිත් වරක් බෙදාහරිනු ලැබීමෙන් අනතුරුව ඉන්දීය මාධ්‍යවේදීහු ඒ පිළිබඳව ලියන්නට පටන් ගත්හ.

ගැබිණි මව්වරුන්ට සුදුසු - නුසුදුසු ආහාර සහ යෝගා ව්‍යායාම පිළිබඳවත්, කළයුතු සහ නොකළ යුතු ක්‍රියාකාරකම් පිළිබඳවත්, කියවිය යුතු පොත්පත්, ආශ්‍රය කළ යුතු අය සහ නිතර දෙවේලේ බැලිය යුතු පින්තූර පිළිබඳවත් උපදෙස් මාලාවක් මෙම පොත් පිංචේ අඩංගුය. එහි අඩංගු ඇතැම් උපදෙස් ඉන්දීය වෛද්‍යවරුන් විසින් ප්‍රශංසාවට ලක්කරනු ලැබ ඇති නමුත් සියලුම උපදෙස් පිළිපැදීම බුද්ධි ගෝචර නොවන බව ඔවුන්ම පවසති.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00