2017 ජුනි 17 වන සෙනසුරාදා

සිංගප්පූරු ලොක්කාගේ පවුල අවුල්

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 201

අපේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාට වුවමනා වූයේ මෙරට සිංගප්පූරුවක් කරන්නටය. ඉතා කෙටි කලකදී එරට ලබාගත් විවෘත ආර්ථිකය මුල්කොටගත් සමෘද්ධිමත්භාවය හේතුවෙනි. එබඳු සමෘද්ධියක් ලබාගත් වත්මන් සිංගප්පූරුවේ නිර්මාතෘවරයා ලෙස බුහුමන් ලබන්නේ ලී ක්වාන් යූ ය. ඔහුගේ පවුලේ දරුවෝ දැන් ආරවුලක පැටලී සිටිති.

ලී ක්වාන් යූගේ වැඩිමහල් පුත් ලී සීන් ලූන් සිය පියාගේ අභාවයෙන් අනතුරුව එරට අගමැති පදවියේ කටයුතු කරයි.සිය වැඩිමල් සොයොයුරා වන අගමැතිවරයා තමන්ගේ බලය අයුතු ලෙස පාවිච්චි කරනු ලබන බවට ඔහුගේ බාල සහෝදරයා සහ සහෝදරිය චෝදනා කරති.

සිය පියා වූ ලී ක්වාන් යූ ඔහු ජීවත් වූ පැරැණි නිවස කඩාදැමීමේ අපේක්ෂාවක සිටි නමුත් අගමැති ලී සීන් ලූන් පියාගේ අභිමතය නොතකා කටයුතු කරන බව ඔවුහු පෙන්වා දෙති.තම කීර්තිය පාදක කරගනිමින් පෞද්ගලික උරුමක්කාරයන් පරපුරක් බිහිවීම වැළැක්වීම සඳහා සිය පැරැණි නිවාසය කඩා දමනු ලැබීම ලී ක්වාන් යූගේ අභිලාෂය වූ බව ඔවුහු පෙන්වා දෙති. සිය පියාගේ සැලසුම් නොතකා ඔහුට නිගාදෙන අයුරින් කටයුතු කරන බවට මේ දෙදෙනා චෝදනා එල්ල කරති.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00