2017 ජුනි 17 වන සෙනසුරාදා

බංග්ලාදේශයේ 160ක් පස් යට

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 39

මෝසම් වැසි සමඟ බංග්ලාදේශයේ ගිනිකොණ කලාපයේ ඇති වූ නායයාම් නිසා මේ වන විට 160කට අධික මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

මරණයට පත්වූවන් අතර සොල්දාදුවන් පස් දෙනෙක් ද වෙති. නිලධාරීන් දෙදෙනකුත් භටයන් දෙදෙනකුත් ඒ අතර වෙති. තවත් දෙදෙනෙක් අතුරුදන්ව ඇත. හමුදා භටයන් මරණයට පත්ව ඇත්තේ නායයාමකින් යට වූ මාර්ගයක් හෙළිපෙහෙළි කරමින් සිටියදී තවත් නායයාමකට ගොදුරුවීමෙනි.

තවත් අතුරුදන්වීම් රුසක් චිතගොං කඳුකර ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 

චිතගොං පළාතේ දිස්ත්‍රික්ක තුනක කඳු නායගිය බව එම වාර්තා මගින් පැවසෙයි. පවතින අයහපත් කාලගුණය බේරාගැනීමේ මෙහෙයුම්වලට බාධාවක් වී ඇත. බොහෝ ප්‍රදේශවලට ළඟාවිය නොහැකි තත්ත්වයක් පවතියි.