2017 මැයි 20 වන සෙනසුරාදා

ලෝකේ පුංචිම චන්ද්‍රිකාව අබ්දුල් සැට්

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 93

දහඅට හැවිරිදි ඉන්දීය ජාතික තරුණයෙකු විසින් නිර්මාණය කරන ලද ලෝකයේ කුඩාම සහ සැහැල්ලුම චන්ද්‍රිකාවක් අමෙරිකාවේ නාසා මධ්‍යස්ථානයේ දී ජුනි මස මස අභ්‍යාවකාශ ගත කිරීමට නියමිතය. 

රිෆාත් ශාරුක් නමැති තරුණයා විසින් නිර්මාණය කරන ලද ග්‍රෑම් 64ක් බරින් යුතු මෙම උපාංගය තරුණ නිර්මාණ ශිල්පීන් අතර තරගයකින් පළමු ස්ථානයට තෝරාගත් එකකි. 

සිය ප්‍රධාන අරමුණ වූයේ 3-D තාක්ෂණයෙන් මුද්‍රිත කාබන් වස්තුවක් ක්‍රියාත්මක වන ආකාරය ප්‍රදර්ශනය කිරීම වන බව රිෆාත් ශාරුක් පවසයි. තම නිර්මාණය පෘථිවියේ උප කක්ෂයක පැය හතරක මෙහෙයුමක් සඳහා අභ්‍යවකාශ ගත කෙරෙනු ඇතැයි රිෆාත් ශාරුක් කියයි. 

ඉන්දීය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන එරට හිටපු ජනාධිපතිවරයකු වූ අබ්දුල් කලාම්ට ගෞරවයක් වශයෙන් මෙම චන්ද්‍රිකාව අබ්දුල්සැට් ලෙස නම් කර ඇත. 

තරුණ විද්‍යාඥයෙකු වන රිෆාත් තමිල්නාඩුවේ කුඩා ගම්මානයකින් පැමිණි අයෙකි. මේ වනවිට ඔහු තමිල්නාඩුව මූලස්ථානය කරගත් Space Kidz India ආයතනයේ ප්‍රධාන විද්‍යාඥයා වශයෙන් කටයුතු කරයි.