2017 මැයි 20 වන සෙනසුරාදා

අයිවරි කෝස්ට් මහා ගැටුම

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 56

ආයුධ බිම තබන මෙන් අයිවරි කෝස්ට් ආණ්ඩුව කළ නියෝගයද නොතකා හරිමින් කැරලිකාර හමුදා භටයෝ රටේ ප්‍රධාන නගර හතරකට වෙඩි ප්‍රහාර එල්ල කර තිබිණි.

සිය සේවය වෙනුවෙන් ආණ්ඩුව තමන්ට ලැබිය යුතු දිරි දීමනා ලබානොදීමට එරෙහිව කැරලිකාර හමුදා භටයන් පිරිසක් ආණ්ඩුවට පක්ෂපාතී හමුදාවට එරෙහිව සටන් අරඹා තිබුණි.  අර්බුදය හේතුවෙන් ලෝකයේ විශාලතම කොකෝවා නිෂ්පාදකයා වන අයිවරි කෝස්ට් හි සියලුම බැංකු වසා දමා තිබේ.

වෙරළබඩ සැන් පෙඩ්රෝ නගරයේ දරුණු ගැටුම් වාර්තා වූ අතර නගරය පුරාම කැරලිකරුවන් විසිරී සිටිති. නිල ඇඳුමෙන් සහ සිවිල් ඇඳුමින් සැරසුණු සන්නද්ධ කණ්ඩායම් අබිජාන් අගනුවරට උතුරින් පිහිටි ප්‍රධාන මාර්ගය අවහිර කරමින් සිටින බව ඔවුහු පවසති. 

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00