2017 මැයි 13 වන සෙනසුරාදා

රාජකීය හමුදා ලොක්කා

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 145

එංගලන්ත රජ පවුල පුවත් මැවීමට ප්‍රසිද්ධය. ඒ අතරින් වඩාත්ම ප්‍රසිද්ධ පුද්ගලයා වන්නේ හැරී කුමරුය. මෙවර ඔහු කරළියට එන්නේ රාජකීය නාවුක හමුදාවේ ප්‍රධානියා ලෙසටය. ඔහුගේ සීයා වන පිලිප් කුමරු සියලු ප්‍රසිද්ධ වැඩ කටයුතුවලින් ඉවත්වීමට තීන්දු කිරීමත් සමග රාජකීය නාවුක හමුදාවේ ඔහු දැරෑ නිලය දැන් හැරී හට හිමිව තිබේ.
එඩින්බර්ග්හි ආදිපාදවරයා වන පිලිප් කුමරු මේ ගෞරවාන්විත පදවියට පත්වූයේ 1953දීය. දැන් 93 හැවිරිදි ඔහු එයින් ඉවත්වීමෙන් 32 හැවිරිදි හැරීට ඒ තනතුර හිමිව තිබේ.