2017 මැයි 13 වන සෙනසුරාදා

මළගෙයක් වූ මල් ගෙදර

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 52

රාජස්ථාන් ප්‍රාන්තයේ භාරත්පූර් දිස්ත්‍රික්කයේ පැවැති මගුල්ගෙදරකට ගිය විසිතුන් දෙනකුට එය තමන්ගේ මළගෙදර බවට පත්විය.

ජයට මගුල් කන අතර හමා ආ චණ්ඩ මාරුතයක් හේතුවෙන් එතැන වූ තාප්පයක් කඩා වැටී එයට යටවීමෙන් මේ 23 දෙනා මරු දුටු අතර තවත් 27කට බරපතළ තුවාල සිදුව තිබේ. කඩාවැටුණු තාප්පය අඩි 13ක් පමණ උස අඩි 90ක් දිගැති එකකි. හොඳින් පායා තිබූ මෙදින හදිසියේම කාලගුණය වෙනස් වී මහා සැඩ සුළඟක් හමා ආ අතර මංගල සාදයට ආ පිරිස සුළඟින් බේරෙන්නට තාප්පය අයිනට රොක් වී තිබේ. එයම ඔවුන්ට මාරකයක් බවට පත්විය.