2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

තෙරේසාගේ මැතිවරණ හදිසිය

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 111

ඩවුනින් වීදියේ අංක 10 නිවසින් පසුගිය අඟහරුවාදා නිකුත් වූයේ බ්‍රිතාන්‍යය පමණක් නොව ලෝකයම හෙල්ලුම් කෑ පුවතකි. තෙරේසා මේ අගමැතිනිය තමන් ජුනි 8 වැනිදා හදිසි මැතිවරණයක් ඉල්ලා සිටීමට යන බව ප්‍රකාශ කිරීමත් සමඟය. තමන්ගේ ඔඩොක්කුවට හදිසියේ කඩා වැටුණු අගමැති බලය 2020 තෙක් රැකගන්නට හැකියාව තිබියදී තෙරේසා තුළ මේ හදිසියේ මැතිවරණ උනන්දුවක් ඇතිවූයේ මන්ද යන්න කා තුළත් හටගත් ගැටලුවකි. 

වසර 44කට ආසන්න කාලයක් යුරෝපා සංගමයේ සාමාජිකයකු ලෙස සිටි බ්‍රිතාන්‍යය එයින් ඉවත්වීමට තීරණය කිරීමත් සමග හිටපු අගමැති කැමරන් සිය පදවියෙන් ඉල්ලා අස්විය. කලින් යුරෝපය සමග එකගෙයි කෑ යුතු බව කියූ තෙරේසා පසුව දික්කසාදය හොඳයැයි කී කණ්ඩායමට නායකත්වය දෙමින් අගමැති පදවිය බාරගත්තාය. දැන් නොගැළපෙන දීගයෙන් වෙන්වීමට සියල්ල සූදානම්ව කාල රාමුවක්ද සැකැසී හමාරය. කලින් තමන් කිසිවිටෙකත් හදිසි මැතිවරණයක් ගැන හීනෙකින්වත් නොසිතන බව කී තෙරේසා දැන් හදිසියේම මැතිවරණයක් කරා යාමට උත්සාහ දරන්නේ දෙවැනි මාග්‍රට් තැචර් කෙනෙකු බවට පත්වන්නට අවශ්‍ය බලය රැස්කර ගැනීමටය.

මේ මොහොතේ විපක්ෂයේ දුර්වලතාවත්, බ්‍රෙක්සිට් හෙවත් යුරෝපයෙන් වෙන්වීමට කැමැත්ත දුන් පිරිසගේ ඡන්ද තොගයත් ගැන සලකා බැලූ අගමැතිනිය තමන්ට පූර්ණ බලතල ලබාගැනීම සඳහා ගත් උපක්‍රමශීලී පිළිවෙතක් ලෙස මේ තීන්දුව හඳුන්වා දිය හැකිය. නමුත් ඇය මේ සඳහා හේතුව ලෙස පෙන්වා දී ඇත්තේ වෙස්මිනිස්ටර්  පාර්ලිමේන්තුව තුළ පවතින මතභේදකාරී තත්ත්වයයි. රටේ ජනතාව බහුතරය එකපයින් යුරෝපා දික්කසාදය අනුමත කළත් පාර්ලිමේන්තුව තුළ සහ තමන්ගේම පක්ෂය තුළ මේ සම්බන්ධයෙන් ඇති මතගැටුම සමඟ ශක්තිමත්ව ඉදිරියට යා නොහැකි බව ඇය කියා තිබේ. තමන් මේ තීන්දුවට එළඹුණේ අකමැත්තෙන් බව කියන ඇය රටේ අවශ්‍යතාව අනුව මේ තීන්දුව ගත් බව කියා තිබුණි. ඇගේ මේ මැතිවරණ හදිසිය විපක්ෂනායකයාගේද මහත් ප්‍රසාදයට ද ලක්ව තිබේ. 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00