2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා

අභ්‍යවකාශයට යන විස්කම් තරුණිය

 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 96

අභ්‍යවකාශතරණයේ කැපී පෙනෙන පුරෝගාමී විශේෂත්වයන් 03ක් සටහන් කරමින් 29 හැවිරිදි හේලි ආර්සෙනෝව් මේ වසර අගදී %ෆැල්කන් 9^ (Falcon 9) රොකට්ටුවකින් ගෙන යන ස්පේස් ඒක්ස් පුද්ගලික මගී යානයේ  සිවිල්  මංගල ගමනට එක්වීමට නියමිතව සිටින්නීය.

මේ ගමනත් සමඟම ඇය, පෘථිවි කක්ෂයට පිවිසෙන ළාබාලම ඇමෙරිකානුවා වන්නේය. එපමණක් නොව කෘත්‍රිම ශාරීරාංගයක් සමග අභ්‍යවකාශයට පිවිසෙන පළමුවැන්නාය. ඒ වගේම අස්ථි පිළිකාවකින් සුවය ලැබීමෙන් අනතුරුව ගගනගාමියෙක් වූ පළමුවැන්නාද වන්නේය. හේලි ආර්සෙනෝව්ද සහභාගි වන මේ රොකට් ගමන ලොව ප්‍රථමවරට සිවිල් පුද්ගලයින්ගෙන් පමණක් සමන්විත කණ්ඩායමක් යෙදෙන මුල්ම අභ්‍යවකාශ මෙහෙයුමද වන්නේය.
අභ්‍යවකාශ ව්‍යාපාරික අධිපතියකු වන ඊලොන් මස්ක් බිහිකළ ස්පේස් එක්ස් (SpaceX) සමාගම නිෂ්පාදනය කළ ෆැල්කන් 9 (Falcon 9) රොකට්ටුව මේ වසර අවසානයේදී ෆ්ලොරීඩාවෙන් ඇය ඇතුළු සිවිල් සාමාජිකයින් අභ්‍යවකාශයට ගෙන යාමට නියමිතය.

ඇය මේ ගමනට තෝරාගැනීම ගැන ඇමෙරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ මෙම්ෆිස්හි පිහිටි ශාන්ත ජූඩ් ළමා පර්යේෂණ රෝහල විසින් සඳුදා (පෙබ.23) ප්‍රකාශයට පත්කරනු ලැබුවා. කුඩා කාලයේ පිළිකා රෝගියෙකු වශයෙන් ප්‍රතිකාර ලැබූ එම රෝහලේම ආර්සෙනෝව් දැන් සේවයේ යෙදී සිටින්නීය.

මේ අභ්‍යවකාශ යානය තුළ වෘත්තීය ගගනගාමීන් කිසිවෙක් නොසිටියි. ආර්සෙනෝව් හා තෝරාගැනීමේ තරගයෙන් ජයගත් තවත් දෙදෙනෙක් සමඟ මෙම ගමනේ සම්පූර්ණ පිරිවැය දරන 38 හැවිරිදි ප්‍රකෝටිපතියෙකු වන ජාර්ඩ් අයිසාක්මන් යානයේ අණදෙන්නා වශයෙන් මේ ගමනට එක්වීමට නියමිතයි. මේ මෙහෙයුම අයිසාක්මන් තමන්ගේම ව්‍යාපෘතියක් වශයෙන් සලකන අතර රොකට්ටුව දියත්කිරීම තමන් විසින් මිලට ගනු ලැබූ බව පෙබරවාරි 1 වැනිදා ඔහු ප්‍රකාශයට පත් කළා. ඔහුගේ අරමුණ මේ ගමන හරහා ඩොලර් මිලියන 200ක (පවුම් මිලියන 142) අරමුදලක් ශාන්ත ජූඩ් රෝහල වෙත එක්රුස් කර දීමයි. ඉන් අඩක් තමන් පෞද්ගලිකව පරිත්‍යාග කිරීමටද ඔහු සූදානම්ය.

 

සංස්කරණය: 
සුගත් පී. කුලතුංගආරච්චි

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00