2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

ට්‍රම්ප්ට තාමත් ආදරෙයි!

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 109

පසුගිය ජනවාරි 06 වැනිදා අමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ කේන්ද්‍රය ලෙස සැලකෙන  කැපිටල් ගොඩනැගිල්ල වෙත එල්ල වූ ප්‍රහාරය හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෙළඹවීම මත ඔහුගේ ආධාරකරුවන් විසින් සිදු කළ බවට චෝදනා එල්ල වී තිබුණි. නමුත් කැපිටල් ප්‍රහාරයට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධ බවට චෝදනා කරමින් ඔහු වරදකරු කිරීමට අවශ්‍ය එරට සෙනෙට් සභාවේ බහුතර බලය ලබාගැනීමට නොහැකි වී තිබේ. ඔහු වරදකරු කිරීම සඳහා සෙනෙට් සභාවේ ඡන්ද 67ක් අවශ්‍ය වී තිබුණි. නමුත් පසුගියදා පැවති එම ඡන්ද විමසීමේදී පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 57ක් පමණකි. 

ඒ අනුව ට්‍රම්ප්ට එරෙහිව ගෙන ආ මෙම චෝදනා තහවුරු කිරීමට සෙනෙට් සභාවේ ඡන්ද 10ක අඩුවක් තිබුණි. ඒ අනුව විශ්වාසභංගයට සෙනෙට් සභාවේ 57-43ක් ලෙස ඡන්දය ප්‍රකාශ වීමෙන් ට්‍රම්ප් දැන් ඔහුට එරෙහි චෝදනාවන්ගෙන් නිදොස් කොට නිදහස් වී හමාරය.

එල්ල වූ මෙම චෝදනා සඳහා ඩොනල්ඩ් ටුම්ප් වරදකරු බවට පත්වූයේ නම් ඔහුට යළි කිසි දිනක ජනාධිපති ධූරයට තරග කළ නොහැකිවන්නට තිබූ නමුත් දැන් ඔහුට එවන් බාධාවක් නැත. ට්‍රම්ප් පිළිබඳව සිතන ඔහු වෙනුවෙන් කැපවුණු අමෙරිකානුවන් විශාල ප්‍රමාණයක් තවම සිටිති. ඉකුත්දා පැවති ජනාධිපති දිනය සැමරීම සඳහා ට්‍රම්ප් ගමන් කළ මග දෙපස ඔහුගේ අනුගාමිකයන් විශාල පිරිසක් “ට්‍රම්ප්ට අපි ආදරෙයි” කියමින් පෙළගැසී සිටීමෙන්ම මේ බව පැහැදිලි වෙයි. මෙහිදී ඔහු සිය අනුගාමිකයන්ට පවසා තිබුණේ අමෙරිකාවේ දීප්තිමත් අනාගතයක් වෙනුවෙන් වන ඉදිරි දැක්මක් සහිත වැඩපිළිවෙළක් ක්‍රියාවට නැගීම සඳහා අනාගතයේදී විශාල වැඩ කොටසක් කිරීමට ඇති බවයි. ට්‍රම්ප් තවමත් සටන අත්හැර නැති අතර නැවත ජනාධිපති සටනට ඒමේ ප්‍රයත්නයක යෙදීමට ඉඩ ඇති බවට මේ ප්‍රකාශය ඉඟියකි.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00