2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා

සෞදි ගුවන් තොටුපොළට ඩ්‍රෝන ප්‍රහාරයක්!

 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 18

යේමනයේ හුදී කැරලිකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් හේතුවෙන් සෞදි අරාබියේ අබා ගුවන් තොටුපොළේ පිහිටි ගුවන් යානයක් ගිනි ගෙන ඇත. ප්‍රහාරය නිසා හටගත් ගුවන් යානයේ ගින්න පාලනය කිරීමට ගිනි නිවීමේ ඒකකයන් සමත්ව ඇත. පුපුරණ ද්‍රව්‍ය පිරවූ ඩ්‍රෝන යානා මගින් මෙම ප්‍රහාරය සිදු කර ඇති අතර සිදුවීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් සම්බන්ධයෙන් නිල නිවේදනයක් සෞදි බලධාරීන් මේ දක්වා නිකුත් කර නැත.

පසුගිය දින කිහිපය තුළ අවස්ථා තුනකදී හුදී කැරලිකරුවන් විසින් ඩ්‍රෝන යානා උපයෝගී කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට දැරූ උත්සාහයන් ව්‍යර්ථ කිරීමට සෞදි ආරක්ෂක අංශ සමත් විය. සෞදිය ප්‍රමුඛ ඒකාබද්ධ අරාබි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ සිවිල් වැසියන් සහ එම යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් හුදී කැරලිකරැවන් විසින් සිදු කරනු ලබන මෙම ප්‍රහාරයන් යුද අපරාධ ලෙස සැලකෙන බවය.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00