2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

වසර 50කට පසු ඇරඹෙන මිතුරු සවාරිය

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 168

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැති මගී දුම්රිය සේවය යළි ආරම්භ කර ඇත. දැනට වසර පනහකට පමණ පෙර බංග්ලාදේශය පකිස්තානයේ කොටසක්ව පැවති සමයේදී මෙම සේවය නවතා දැමුණි.

කොල්කටා සහ කුල්නා නගර අතර දිවෙන මිත්‍රත්ව චාරිකා නම් වූ නව දුම්රිය සේවයේ පරීක්ෂණ චාරිකාව බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාගේ දිල්ලි සංචාරය අතරතුරදී ආරම්භ විය. කොල්කටා සහ බංග්ලාදේශයේ අගනුවර වන ඩකා නගරය අතර දිවෙන පළමු මිත්‍රත්ව චාරිකා දුම්රිය සේවය වසර 2008දී ආරම්භ විය.

1947 දී ඉන්දීය උප මහද්වීපය බෙදී යාමේදී වෙන් කෙරැණු සෙසු බංගලාදේශ් කලාප යා කෙරෙන ප්‍රවාහන සේවාවක් සඳහා ඉල්ලුමක් පැවතුණි. මෙම නව දුම්රිය සේවයට අමතරව බස් සේවාවන්ද ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.