2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

ඊජිප්තුවේ මහා පිපිරීමක්

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 79

ඊජිප්තුවේ ටැන්ටානි සහ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ප්‍රධාන කොප්ටික් ක්‍රිස්තියානි පල්ලිවල හටගත් පිපිරීමෙන් හතලිස් තුන්දෙනෙකු මියගොස් 71 කට ආසන්න පිරිසකට තුවාල සිදුවී තිබේ. මේ සමඟ රට පුරා තුන්මසකට හදිසි නීතිය පනවා තිබේ.

වෙරළ බඩ අලෙක්සැන්ඩ්‍රියාවේ සහ කයිරෝ අගනුවරට උතුරින් පිහිටි ශාන්ත ජෝර්ජ් කොප්ටික් පල්ලියේ පිපිරීම හටගෙන තිබෙන්නේ ක්‍රිස්තියානි භක්තිකයන් පාස්කු ඉරිදා වෙනුවෙන් පැවති දේව මෙහෙයට රැස් වූ අවස්ථාවේදීය. මරාගෙන මැරෙන ඇඳුම් ඇඳගත් පිරිසක් මෙය සිදුකර තිබේ. අයිසිස්වරුන්ගේ අමාක් වෙබ් අඩවිය මේ ප්‍රහාර දෙකම තමන්ගේ අනුගාමිකයන්ගේ වැඩක් බව කියා තිබුණි.

ජේසුස් වහන්සේ ජෙරුසලමට පැමිණීම සනිටුහන් කරමින් සංවිධානය කරනු ලබන ආගමික උත්සවවල ආරක්ෂක තත්ත්වය කෙරෙහි දැඩි සැලකිල්ලෙන් සිටින ලෙස ඊජිප්තුවේ ආරක්ෂක අංශ අනතුරු අඟවා තිබුණි.

ඊජිප්තු ජනගහනයෙන් 10%ක ප්‍රතිශතයක් වන ක්‍රිස්තියානි භක්තිකයන්ට ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය විසින් අන්තර්ජාලයට වීඩියෝ පටයක් මුදා හරිනු ලැබ තිබුණි. පසුගිය දෙසැම්බර් මාසයේ කයිරෝ අගනුවර ක්‍රිස්තියානි පල්ලියට දේව මෙහෙයක් අතරතුරදී එල්ල කෙරුණු ප්‍රහාරයකින් විසිපස් දෙනෙකු ඝාතනය කෙරුණි.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00