2021 ජනවාරි 16 වන සෙනසුරාදා

අමුතු මිතුරුකමට 20 වසරක් හිරේට!

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 254

දකුණු කොරියාවේ හිටපු ජනපතිනි පාර්ක් ගන්-හේ බලය අයුතු ලෙස පරිහරණය කිරීමට සහ බලහත්කාරයට වැරදිකාරිය වීම හේතුවෙන් වසර 20ක සිර දඬුවමකට යටත් කෙරිණි. සිර දඬුවමට අමතරව වොන් බිලියන 18ක හෙවත් ඩොලර් මිලියන 17 දඩයක්ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇයට නියම විය. වංචා 18ක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ඇය ඉන් 16ට වරදකාරිය බව තීරණය වී ඇත.

හිටපු දකුණු කොරියානු නායිකාවගේ දූෂණවලට මූලික හේතුව මිත්‍ර සබඳතා බව හෙළිවේ. ඇයගේ මිතුරියක් වූ චොයි සූන්-සිල්  සමඟ එක්වී පාර්ක් ගන්-හේ දේශපාලන උපකාර සඳහා මුදල් රුස්කර ඇති බව කියැවේ. පිළිගත නොහැකි මට්ටමින් චොයි සූන්-සිල් හට නිල ලියකියවිලි පරිහරණයට අවස්ථාව හිටපු ජනපතිනිය විසින් ලබාදුන් බවට පැමිණිලිකරැවෝ චෝදනා කරති.

දීර්ඝ කාලයක් පුරා පැවති විරෝධතා සහ නඩු කටයුතුවල ප්‍රතිඵලයක් ලෙස 2017 මාර්තු මාසයේදී හිටපු ජනපතිනිය තනතුරෙන් ඉවත් කරන ලදුව අත්අඩංගුවට ගැනිණි. එතැන් සිට ඇය රැඳවුම් භාරයේ පසුවූවාය.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00