2021 ජනවාරි 16 වන සෙනසුරාදා

සමන්තා පවර් USAid මුල් පුටුවට

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 116

එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපති ලෙස දිව්රුම් දීමට නියමිත ජෝ බයිඩන් සමන්තා පවර් USAid ආයතනයේ නායකත්වයට යෝජනා කර තිබේ. ජාත්‍යන්තර අරමුදල් ආයතනයක් මෙන්ම, ගෝලීය අර්බුද හමුවේ නන්විධ දායකත්වයන් ලබාදෙන USAid හෙවත් එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ආයතනයේ නායකත්වය ඇයට ලැබිය යුතු යැයි ජෝ බයිඩන් විශ්වාස කරන්නේ ඇය සතු අත්දැකීම් සමුදාය නිසාය.

එක්සත් ජනපදය තුළ ඇගේ කැපී පෙනෙන භූමිකාව වූයේ මානව හිමිකම් හා විදේශ ප්‍රතිපත්තීන් ආශ්‍රිතව ඈ ලබාදුන් සේවාවයි. බැරුක් ඔබාමා පාලන සමය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ එක්සත් ජනපද තානාපතිනිය ලෙස කටයුතු කළාය. එමෙන්ම ඈ බැරුක් ඔබාමාගේ ජාතික ආරක්ෂක කවුන්සිලයේද සාමාජිකත්වය දැරැවාය. ඒ 2009-2013 කාලය තුළය.

එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ එක්සත් ජනපදයේ නිත්‍ය නියෝජිතයා ලෙස කටයුතු සමන්තා පවර් කලක් එක්සත් ජනපදයේ මාධ්‍යවේදිනියක් ලෙස කටයුතු කළාය. විශේෂයෙන්, බුෂ් පරිපාලනය සම්බන්ධයෙන් ප්‍රබල විවෙච්කාවක් වූ ඇය, එක්සත් ජනපදය, එක්සත් ජාතින්ගේ සංවිධානය තුළ සිදුකළ වැරදි දේශපාලන මැදිහත්වීම් බරපතළ ලෙස විවේචනය කළාය. එක්සත් ජනපදය විසින් සිදුකළ මානව සංහාර සම්බන්ධයෙන් ඇය ප්‍රසිද්ධ කළ “ප්‍රොබ්ලම්ස් ෆ්‍රොම් ද හෙල්”, වර්තමානය්දීද බහුල ලෙස කතාබහට ගැනෙන සහ බොහෝ දෙනෙකු ඇගේ වත්මන් දේශපාලන ස්ථාවරය විවෙච්නය කිරීම සඳහා භාවිතා කරන රචනාවක් බවට පත් වී තිබේ.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00