2021 ජනවාරි 16 වන සෙනසුරාදා

වසංගතය මැද චීන ආර්ථිකය ලොව අංක 1ට !

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 99

වසර 2028 වනවිට ලෝක ආර්ථිකයේ ප්‍රමුඛයා වීමට චීනය සමත් වනු ඇත. මේ බව කියන්නේ බ්‍රිතාන්‍යයේ ආර්ථික සහ ව්‍යාපාරික සමීක්ෂණ මධ්‍යස්ථානය එළිදක්වන ලද වාර්තාවකට අනුවය. එයට අනුව 2028 වනවිට ඇමෙරිකාව පරදවමින් ලෝකයේ විශාලතම ආර්ථිකය බවට චීන ආර්ථිකය පත්වන්නට නියමිතය. රටවල් 193ක ආර්ථිකයන් සම්බන්ධයෙන් 2035 දක්වා සිදුකරන ලද මේ සමීක්ෂණයට අනුව චීනය දැන් ඒ ආර්ථික වර්ධනයේ ගමන් මාර්ගයට පිවිස හමාරය. මින් පෙර පුරෝකථනයන්ට අනුව මෙය සිදුවීමට නියමිතව තිබුණේ 2033 වසරේදී වූවද දැන්  එය ඉන් වසර 5 කට පෙර සිදුවීමට නියමිත බව මෙම වාර්තාව තහවුරු කරයි.

කොවිඩ් අර්බුදය හමුවේ ලොව අනෙක් ප්‍රධාන ආර්ථිකයන් සංකෝචනය වන තත්ත්වයක් තුළ පවා  චීනය 2ක ආර්ථික වර්ධන වේගයක් ලබාගෙන ඇත. කොවිඩ්වලට මුහුණදෙන අතරේම සිය ආර්ථිකය පාලනය කර ගැනීමටද චීනය සමත්ව ඇත. සමස්ත ලෝකයේම දළ දේශීය නිෂ්පාදනයන් 4.4ක පසුබැස්මක් පෙන්නුම් කළ අතර ඉකුත් වසරේදී ජපානයේ දළ දේශීය නිෂ්පාදනය 5.5කින් අඩුවිය. එමෙන්ම අමෙරිකාව සහ යුරෝපයද කොවිඩ් හේතුවෙන් ආර්ථික කලබැගෑනියකට මුහුණ පා සිටී. මේ හේතුවෙන් අමෙරිකාව ලෝක ආර්ථික පෙළ ගැස්ම තුළ දෙවෙනි තැනට ඇද දැමීමට චීන ආර්ථික පරිපාලන ක්‍රමවේදය සමත්ව ඇත.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00