2021 ජනවාරි 09 වන සෙනසුරාදා

අලි බාබා අතුරුදන්!

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 125

ලෝක ප්‍රකට අලි බාබා සමූහයේ ආරම්භකයා වන ජැක් මා පසුගිය ඔක්තෝබරයේ සිට දක්නට නොලැබීම හේතුවෙන්  මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයක් හටගත්තේය. ජැක් මා අතුරුදන්ව ඇති බවටත් එය චීන රජයේ ක්‍රියාන්විතයක ප්‍රතිපලයක් ලෙසත් මේ අතර කරුණු ඉදිරිපත්ව තිබුණි. එහෙත් චීනය තුළ කිසිදු අවසරලත් මාධ්‍යයක ජැක් මා ගැන කිසිදු තොරතුරක් ඉකුත් ඔක්තෝබර අග සිට පල වූයේ නැත‍. ඔහුගේ වෙබ් පිටුවෙන් ඡායාරූපයද ඉවත් කර ඇත.

මා, පසුගියදා පැවති Africa’s Business Heroes වැඩසටහනේ අවසන් තරගය විනිශ්චයට  පැමිණියේ නැත. එය ඔහු විසින්ම නිර්මාණය කළ වැඩසටහනක් බැවින් ඔහු එම අවසන් තරගය විනිශ්චය කිරීමට පැමිණෙතැයි බොහෝදෙනා බලාපොරොත්තු විය. පසුගිය ඔක්තෝබර් මාසයේදී ඔහු ෂැන්හයි නගරයේදී මතභේදාත්මක අදහස් පළ කිරීමක් කර තිබුණි. එහිදී ඔහු පවසා ඇත්තේ චීන නියාමන ක්‍රමවේදයන් හේතුවෙන් නවෝත්පාදනයට මං අවහිර වී ඇති බවය. වර්තමාන මූල්‍ය ක්‍රමය කර්මාන්ත යුගයේ පුරාවෘත්තයක් වැනි බව ඔහු පැවසීය. අපි වර්තමාන ක්‍රමය වෙනස් කළ යුතුයි යනුවෙන්ද ඔහු පවසා තිබුණි.

ඉන් සතියකට අනතුරුව මාගේ Ant ව්‍යපාර සමුහයේ කොටස් නිකුතුව තහනම් කෙරිණි. පසුගිය සඳුදා හොංකොංහි අලිබාබා කොටස් මිල 2.15කින් පහත වැටුණි. තතු දත් ආරංචි මාර්ග අනුව ජැක් මා වසං වී කරබාගෙන සිටීමට තින්දු කර තිබේ.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00