2021 ජනවාරි 09 වන සෙනසුරාදා

ආරක්ෂිතම ගුවන් සේවා 20ක් !

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 169

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය වසරේදී ගුවන් ගමන් ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට පත්විණි. නමුත් අනාගතයේදී යමෙක් ගුවන් ගමනක් යාමට බලාපොරොත්තු වේ නම් ඒ සඳහා ආරක්ෂිතම ගුවන් සේවය පිළිබඳව දැනගැනීමට AirlineRatings.com  වෙබ් අඩවියට පිවිසිමෙන් හැකියාව ලැබේ.

එම වෙබ් අඩවිය මගින් ලොව පුරා ක්‍රියාත්මක ගුවන් සේවා 385ක් ශ්‍රේණිගත කිරීමට ඇතුළත් කර තිබේ. ගුවන් සේවයක් ශ්‍රේණිගත කිරීමේදී ගුවන්යානා අනතුරු, වෙනත් දරුණු සිදුවීම් සහ ගුවන් යානාවල වයස යන කරුණු සලකා බැලේ. එම වෙබ් අඩවියට අනුව 2021 වසර සඳහා වඩාත් ආරක්ෂාකාරී ගුවන් සේවය වන්නේ ඕස්ට්‍රේලියාවේ ක්වන්ටාස් ගුවන් සේවයයි. ඒ අනුව 2021 වසර සඳහා වඩාත් ආරක්ෂාකාරී ගුවන් සේවා 20 මෙසේය.

1. ක්වන්ටාස්  2. කටාර් එයාවෙස් 3. එයා නිව් සීලන්ඩ් 4. සින්ගප්පෝ එයාර්ලයින්ස් 5. එමිරේට්ස් 6. ඊවා එයා 7. එතිහාඩ් එයාර්වේස් 8. ඇලස්කා එයාර්ලයින්ස් 9. කැතේ පැසිෆික් එයාර්වේස් 10. බ්‍රිටිෂ් එයාර්වේස් 11. වර්ජින් ඔස්ට්‍රේලියා 12. හවායියන් එයාර්ලයින්ස් 13. සවුත්වෙස්ට් එයාර්ලයින්ස්  14. ඩෙල්ටා එයාර්ලයින්ස් 15. අමෙරිකන් එයාර්ලයින්ස් 16. එස්.ඒ.එස්. 17. ෆින් එයාර් 18. ලුෆ්තන්සා 19. කේ.එල්.එම්. 20. යුනයිටඩ් එයාර්ලයින්ස් සේවාවන්ය.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00