2021 ජනවාරි 09 වන සෙනසුරාදා

පාකිස්තානයේ ෂියා උපවාසය!

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 71

බටහිර පාකිස්තාන බලුකිස්තාන ප්‍රාන්තයේ සේවය කරමින් සිටි කම්කරුවන් පිරිසක් ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන් විසින් මරාදමා තිබුණි. එසේ මරා දමා ඇත්තේ ගල්අඟුරැ ආකරයක සේවය කරමින් සිටි 11 දෙනෙකි. එසේ මියගොස් ඇති පුද්ගලයින් හසාරා නම් ෂියා මුස්ලිම් ජන කොටසට අයත්ය.  

මෙලෙස ඝාතනයට ලක්වූ පතල් කම්කරුවන් 11 දෙනාගේ මරණ සම්බන්ධයෙන් යුක්තිය සහ සාධාරණයක් ඉෂ්ට වනතුරු උපවාසයේ නිරත වීමට හසාරා සුළු ජාතිකයන් පිරිසක් ඉදිරිපත් වූහ. ඔවුන්  එය නතර කිරීම ප්‍රතික්ෂේප කර තිබුණි. ප්‍රාන්ත අග නගරයේ බටහිර අතුරු මාර්ගයේ සඳුදා සිට වාඩි වී සිටි මේ පිරිස අභ්‍යන්තර කටයුතු අමාත්‍යා ෂෙයිඩ් රෂීඩ් සමඟ සාකච්ඡා කර ඇතත් එය අසාර්ථක වී තිබුණි. උපවාසය මෙහෙය වන මජ්ලිස්-ඊ-වහ්දාතුල්-මුස්ලිම් දේශපාලන සංවිධානයේ නායකයන් සහ ඇමැති අතර, සාකච්ඡා පැවැති අතර අගමැති ඉම්රාන් ඛාන්ද සිද්ධිය වූ ස්ථානයට පැමිණ තිබේ. මෙම ඝාතනය ගැන අදහස් දක්වමින් අගමැති ඉම්රාන් ඛාන් පැවසුවේ ප්‍රහාරය &අමානුෂික ත්‍රස්ත ක්‍රියාවක්* බවය.