2021 ජනවාරි 09 වන සෙනසුරාදා

වසර 10 කට පසු මයිකල් ජැක්සන්ගේ වතුයාය විකිණෙයි !

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 52

සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ නෙවර්ලන්ඩ් වතුයාය අමෙරිකා ඩොලර් මිලියන 22 විකිණී ඇත. ඒ ඔහුගේ මරණයෙන් වසර 10කට වඩා වැඩිකාලයක් ගතවීමෙන් පසුවය.
කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි අක්කර 2,700 ක්වන මෙම වතුයායේ 2016 වසරේ විකුණුම් වටිනාකම ඩොලර් මිලියන 73.6ක් වූ බව සඳහන් වේ. එකල කෝටිපති ව්‍යාපාරිකයෙක් සහ ජැක්සන්ගේ පවුලේ මිතුරෙකු වන රොන් බර්කල් මෙය මිලදී ගෙන ඇත. එය පසුව ජැක්සන් වෙත පිරිනමන ලදී. මෙම වතුයායේ සිටි පිරිමි ළමයෙකුට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා නැඟී පසුව නිදොස්කොට නිදහස් කිරීමෙන් පසු යළි කිසිදිනෙක තමන් මේ වතුයායට නොයන බවට ජැක්සන් පොරොන්දු වී තිබුණි.

වර්ග අඩි 12,500 ක ප්‍රධාන වාසස්ථාන ගොඩනැගිල්ල මෙන්ම වර්ග අඩි 3,700ක තටාක නිවසක් සහ ආසන 50 කින් යුත් සිනමා හා නැටුම් චිත්‍රාගාරයක් සහිත වෙනම ගොඩනැගිල්ලකින් මෙය සමන්විත වේ. ජැක්සන් මෙහි දුම්රිය හා තේමා උද්‍යාන සවාරියක් මෙන්ම සත්වෝද්‍යානයක්ද ස්ථාපනය කර තිබුණි. ඔහු මෙම වතුයායට නෙවර්ලන්ඩ් යන නම තබා ඇත්තේ පීටර් පෑන්ගේ ප්‍රසිද්ධ ළමා කතාවක් ඇසුරිණි. 
 

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00