2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා

2021 අර්බුදකාරී වසරක්!

 2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 212

ලොව දිළිඳු රටවල් රැසකට දරුණුතම සාගතයකට මුහුණදීමට සිදුවනු ඇති බවත් ඒ අනුව 2021 වර්ෂය දරුණුතම මානුෂීය අර්බුදකාරී වසරක් ලෙස ඉතිහාස ගතවන්නට නියමිත බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරැ අඟවා තිබේ.‍‍

වසංගත රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් ආර්ථිකමය, මානුෂීය සහ සාමාජික වශයෙන් ඉදිරියේදී දැඩි අර්බුදකාරී තත්ත්ව මතුවන බවත්, මානුෂීය ආධාර අවශ්‍ය පිරිස තවත් සියයට 40කින් ඉහළ යනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී ඇත. වසර 75ක් වන තම සංවිධානයේ ඉතිහාසය තුළ මුහුණ දෙන්නට සිදුව ඇති දරුණුතම විනාශය මෙම වසංගතය බව පෙන්වා දෙන ඔවුන් ලොව ධනවත් රටවල උපකාරය අනෙකුත් රටවලට අත්‍යවශ්‍යම කාල සීමාවක් ලෙස මේ කාලය දක්වා තිබේ. ලෝක එන්නත් බෙදාදීමේ වැඩසටහනට පමණක් ඩොලර් බිලියන 4-3ක් අවශ්‍ය බවත් ඒ සඳහා ධනවත් රටවල දායකත්වය අත්‍යවශ්‍ය බවත් එම සංවිධානය කියා තිබේ.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00