2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා

පුංචිම රටකින් රුසියාවට තර්ජනයක්!

 2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 305

වැඩියෙන් කතාබහට ලක්නොවන කුඩා රටක් වූ මෝල්ඩෝවා රාජ්ජයේ නව ජනාධිපතිනිය රුසියාවට තද ප්‍රකාශයක් සිදුකර තිබේ.

මොල්ඩෝවේ නව ජනාධිපතිනිය ලෝක බැංකුවේ හිටපු ආර්ථික විශේෂඥවරියකි. පසුගිය මස පැවැති ජනාධිපතිවරණයෙන් රැසියානු හිතවාදී හිටපු ජනපති ඊගෝර් ඩොවන් පරදා ඇය ජය ලැබුවාය. ඇය 48 හැවිරිදි මායා චන්ඩුය.

අපේ භූමියේ විදෙස් හමුදා සිටිය යුතු නෑ යැයි කියන ජනාධිපතිවරිය යුක්රේනය සහ මෝල්ඩෝවාව අතර ට්‍රාන්ස් ඩයිනෙස්ටර් කලාපයේ රඳවා ඇති රුසියානු හමුදා වහා ඉවත් කරගන්නා ලෙස පුටින්ට දැනුම් දී තිබේ.
කලාපයේ ආරක්ෂාවට යැයි කියමින් රුසියානු හමුදාවේ 1500කට ආසන්න ඛණ්ඩයක් මෙහි රඳවා තිබේ. රුසියානු හමුදා සිය රටේ ස්වාධීනත්වයට බලපෑමක් ලෙස දක්වන මායා චන්ඩු ජනාධිපතිවරිය රුසියාවේ යෝධ හමුදා බලය ගැන තඹයකටවත් නොතකා මෙලෙස එරටට අභියෝග කර තිබේ.