2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා

ප්‍රංශයෙන් සුපිරි සොල්දාදුවෝ!

 2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 169

ලෝකයේ යුරෝපීය රාජ්‍යයන් අතර ඉහළම ආරක්ෂක වැය දරන්නේ ප්‍රංශයයි. දැන් ප්‍රංශ රජය තමන්ගේ සොල්දාදුවන් සුපිරි සොල්දාදුවන් බවට පත් කිරීමේ තීන්දුවකට එළැඹ තිබේ.

එරට ආරක්ෂක ඇමැතිනිය ෆ්ලොරන්ස් පාර්ලි කියා තිබුණේ හදිසියක් නැතත් ලෝකය පුරා ව්‍යාප්ත වන තාක්ෂණය තමන්ගේ සොල්දාදුවන් සඳහාද යොදා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

මොළයේ තැන්පත් කරන කුඩා චිප් මගින් සොල්දාදුවන්ගේ තීන්දු තීරණ ගැනීමේ හැකියාව සහ සටන් උපක්‍රමශීලීත්වය ඉහළ දැමීම ඔවුන්ගේ අරමුණයි. සොල්දාදුවන්ගේ කායික හා මානසික ශක්තිය ඉහළ මට්ටමකින් සටන සඳහාම යොදාගනිමින් රොබෝ ගුණැති මිනිස් සටන්කරුවන් නිර්මාණය ප්‍රංශයේ අරමුණයි.