2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා

උසම කන්ද තවත් උස යයි

 2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 58

ලොව උසම කන්ද තවත් උස ගොස් ඇත. හිමාලයේ එවරස්ට් ගිරි ශිඛරය තවත් මීටර 0.86ක් උස ගොස් ඇති බව නව මිනුම් මගින් තහවුරුව තිබේ. මේ අනුව එවරස්ට් ශිඛරයේ නව උස මීටර් 3,84,886ක් ලෙස වාර්තා වෙයි. මෙවර අලුතෙන් උස මැනීම සිදුකර ඇත්තේ චන්ද්‍රිකා තාක්ෂණය යොදාගෙනය.


මෙයට පෙර වරක් එවරස්ට් කන්ද උස අඩු විය. ඒ නේපාල චීන දේශසීමාවේ පිහිටා ඇති කන්ද ආශ්‍රිතව හටගත් බිහිසුණු භූ කම්පනය හේතුවෙනි. 2015 වසරේදී සිදුවූ මේ කම්පනය හේතුවෙන් 9000කට ආසන්න පිරිසක් මියගිය අතර 22,000කට උන්හිටි තැන් අහිමිව ගියේය. විශාලත්වය 7.8ක භූ කම්පනයක් වූ මෙයින් එවරස්ට් කන්ද නිරිත දිග දිසාවට අඟල් 1.2ක් පමණ ඈත්වූයේය. ඒ වනවිට කන්දේ උස මීටර 8,848ක් විය.