2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා

කොවිඩ් ආවේ ඇමරිකාවෙන්ද යුරෝපයෙන්ද?

 2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 137

චීනයේ වූහාන් නගරයෙන් කොවිඩ් – 19 පළමු රෝගියා වාර්තා වීමට මසකට පෙර ඇමරිකාවේ එය පැති රෙමින් තිබූ බව දැන් සනාථ වෙමින් පවතී. ඒ අතර යුරෝපයෙ රටවල් ගණනාවකින්ද කොවිඩ් 19 වෛරසය චීනයට කලින් එහි තිබූ බවට එළිදරව් වී තිබේ.

ඇමෙරිකාව පුරා පිහිටි රෝහල් වල 2019 වසරේ අග භාගයේ දත්ත විශ්ලේෂණ වාර්තා මගින් ඒවායේ සිටි රෝගීන්ට එම වකවානුවේ “දැඩි කැස්ස සහිත ස්වසන ආබාධයක්” තිබූ බව දැන් සනාථ වී ඇත. ඇමරිකාවේ පර් යේෂකයින් විසින් 2019 දෙසැම්බර් 13ත් 2020 ජනවාරි 17ත් අතර ප්‍රාන්ත නමයක පුද්ගලයින් 7,400ක් විසින් කරන ලද “ලේ පරිත්‍යාග සාම්පල” පරීක්ෂා කිරීමේදී ඉන් 106ක මෙම වෛරසය තිබූ බව හෙළිදරව් වී ඇත.

ඇමෙරිකාවේ “රෝග වැළැක්වීමේ සහ මර්දනය කිරීම සඳහා වන ආයතනය” විසින් කරන ලද අධ්‍යයනයකට අනුව මෙම සොයාගැනීම් සිදුකර ඇති අතර ඇමරිකාවේ රෙඩ් ක්‍රොස් ආයතනයද මෙය සනාථ කරයි.
ඒ අතර ඉතාලියේ සහ ජර්මනියේ අධ්‍යයන වාර්තා මඟින් ද සනාථ වෙමින් පවතින්නේ එම රටවල් දෙකෙහිද කොවිඩ් – 19 වෛරසය 2019 දෙසැම්බර් මුල් වකවානුවේ සිට පැතිරෙමින් තිබූ බවයි. ස්පාඤ්ඤයේ අධ්‍යයන වාර්තා පෙන්වා ඇත්තේ එරට අපිරිසුදු ජලය තුළ වෛරසය 2019 මාර්තු මස සිට එනම් චීනයේ පළමු සොයාගැනීමට මාස 09 කට පෙර සිට තිබී ඇති බවයි.

චීනයේ දැඩි විරෝධතාවය මධ්‍යයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිරන්තරයෙන්ම පවසමින් සිටියේ මෙය “චීන වෛරසයක්” බවයි. වෛරසය මුලින්ම පැතිරුණු ස්ථානය හෝ ප්‍රදේශය තවමත් නිශ්චිතවම සොයාගෙන නැතත් දැන්, දැන් හෙළිදරව් වන නවතම තොරතුරුවලින් මෙයට විකල්ප මතයන් එළිදැක්වෙමින් තිබේ.