2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා

ඉන්දියාවේ දිස්ත්‍රික්ක 7කට බුරවි - බුරා පනියි!

 2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 70

“බුරවි" සුළි කුණාටුව දකුණු ඉන්දියාවට ළඟාවෙමින් තිබේ. දකුණු ඉන්දියාවේ දිස්ත්‍රික්ක 7කට කුණාටුවෙන් බලපෑම් සිදුවනු ඇති බවටත් අනාවැකි පළ වී තිබේ. කුණාටු අවදානම හේතුවෙන් එම ප්‍රදේශවල ධීවර කටයුතු තහනම් කර ඇත. කුණාටුව පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර වේගයකින් ගොඩබිමට ඇතුළුවනු ඇති බව කාලගුණ වාර්තාවල දැක්වෙයි.
කුණාටුවට මුහුණදීම සඳහා ඉන්දියාවේ දකුණුදිග කේරළ හා තමිල්නාඩු ප්‍රාන්තවල ජනතාව සූදානම් වෙමින් සිටී. කේරළ හා තමිල්නාඩු ප්‍රාන්තවලින් තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ බලධාරීන් පවසයි.

කේරළ ප්‍රාන්තයට ඇතුළුවීමේදී කුණාටුවේ ප්‍රබලත්වය ගැඹුරු අවපීඩන තත්ත්වයක් දක්වා පහළ බසිනු ඇතැයිද කාලගුණ බලධාරීන් අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත් එහි බලපෑමෙන් ඉතාමත් තද වැසි හා සැඩ සුළං හටගනු ඇතැයිද කාලගුණ වාර්තාවල සඳහන් වේ. අවදානම් සහිත ප්‍රදේශවලට මේ වනවිටත් සහන සේවා කණ්ඩායම් යොදවා ඇත.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00