2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා

සඳෙන් පස් ගෙන ඒමට චීනය යයි

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 78

සඳ මතුපිට ඇති පාෂාණ කොටස් සහ පස් සාම්පල ලබාගැනීම සඳහා චීනය රොබෝ තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන චේන්ජ්-5 නම් වූ අභ්‍යවකාශ යානාව ඉකුත් සතියේ  අභ්‍යවකාශ ගත කළේය. දෙසැම්බර් මාසයේදී එය නැවත පෘථිවියට ළඟාවීමට නියමිතය. ඒ සඳෙහි තවමත් නොදුටු ප්‍රදේශයෙන් පස් සාම්පල කිලෝග්‍රෑම් 2ක්ද රැගෙනය.

මීට වසර 40කට පමණ පෙර සඳ තරණය කළ අමෙරිකානු සහ සෝවියට් රැසියානු ගගනගාමීන් එහි පාෂාණ සහ පස් විශ්ලේෂණය සඳහා ගෙනැවිත් තිබුණි. ඒ අනුව එවැනි ජයග්‍රහණයක් ලද තෙවැනි රට බවට පත්වීම චීනයේ අභිප්‍රායයි. චීන විශ්වාස අනුව සඳෙහි දේවතාවියගේ නමින් නම් කරන ලද Chang’e-5 අභ්‍යවකාශ යානය Long March 5 රොකට්ටුවකින් පිටත් කර හැරිණි.

මීට පෙර චන්ද්‍ර පාෂාණ ගෙනෙන්නට ගිය අවසාන මෙහෙයුම ලූනා 24 වන අතර එය 1976 දී සෝවියට් සංගමය විසින් සිදු කරන ලදී.

සෝවියට් දේශය විසින් 1976 දී දියත් කළ එම මෙහෙයුම මගින් චන්ද්‍ර පාෂාණ ග්‍රෑම් 170ක් රුස් කළ අතර, මිනිසා මුල්වරට සඳ මත පා තැබූ ඇපලෝ මෙහෙයුමෙන් චන්ද්‍ර පාෂාණ කිලෝග්‍රෑම් 382ක් ආපසු ගෙන එන ලදී.
චීනය සිය පළමු චන්ද්‍ර ගොඩබෑම 2013 දී සිදු කළ අතර දශකයක් තුළ අඟහරැ වෙතින් පස් සාම්පල ලබාගැනීමට ද දැන් සැලසුම් කර හමාරය.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00