2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා

නිවාර් ඉන්දියාව කළඹයි!

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 63

පැයට කිලෝමීටර් 145ක වේගයෙන් ‘නිවාර්’ සුළි කුණාටුව ඉන්දියාවට ඇතුළු වී තිබේ.  එය ඉන්දියාවේ, ‍තමිල්නාඩු ප්‍රාන්තයට කඩා වැදී හමාරය.

5 වැනි කාණ්ඩයේ ප්‍රබල සුළි කුණාටුවක් වන නිවාර් හේතුවෙන් පුද්ගලයන් ලක්ෂ එකහමාරකට ආසන්න පිරිසක් පහත් බිම් වෙතින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබේ.

මේ හමුවේ දිනයක රජයේ නිවාඩුවක් ප්‍රකාශයට පත් කිරීමට ද තමිල්නාඩු ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක රැසක් පියවර ගත්තේය. අධික වර්ෂාව සහ දැඩි සුළං හේතුවෙන් චෙන්නායි ගුවන්තොටුපොළ සහ මෙට්‍රෝ දුම්රිය සේවා ද අත්හිටුවා තිබේ.
ඉන්දීය කාලගුණ විද්‍යා බලධාරීන් සඳහන් කළේ, පැයට කිලෝමීටර් 135ක සුළං වේගයකින් පුදුචේරි සහ තමිල්නාඩු වෙරළ හරහා හමාගිය නිවාර්හි ප්‍රබලත්වය ඉදිරි දිනවලදී දුර්වල වනු ඇති බවයි.