2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා

සර්බියාවේ ඡන්ද යුද්දේ

 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 85

සර්බියාවේ පැවැති ජනාධිපතිවරණයත් සමග එරට තුළ හටගත් මහා විරෝධයට දැන් සතියකටත් වඩා කල්ගත වී තිබේ. බෙල්ග්‍රේඩ් අගනගරය සහ අනෙකුත් නගරවල වීදි දස දහස් ගණන් ජනතාවගෙන් පිරී පවතී. මෙයින් බහුතරයක් තරුණ පිරිසය.

වූසික්, නුඹ ඡන්ද හොරා ඒකාධිපතිවාදය අවසන් කරනු වැනි විරෝධ පාඨ හඬනැගෙනු දක්නට ලැබුණි. මේ මහා විරෝධයට හේතුව සර්බියාවේ අගමැතිවරයාව සිටි අලෙක්සන්ඩර් වූසික් ජනාධිපතිවරණයෙන් පැහැදිලි ජයක් ලබා එම ධුරයට පත්වීමය.

රටේ ජනතාව බහුතරයක් වූසික් සහ ඔහුගේ ප්‍රගතිශීලි පක්ෂය දූෂණ වංචා ගුහාවක් ලෙස අර්ථ දක්වති. මේ ඡන්දයද දූෂිත බවත්, එහිදී මාධ්‍ය මුකවාඩම්, අල්ලස් මදිවාට ඡන්දදායකයන්ට මැර තර්ජන සිදුවූ බවත් ඔවුහු පෙන්වා දෙති. මෙයට එරෙහිව සමාජ ජාල හරහා නිකුත් කළ කැඳවීමකින් පසු දහස් ගණනක් ජනතාව මෙලෙස වීදි බැස තිබුණි.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00