2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා

එවරස්ට් කුණු කන්ද

 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 175

ලෝකයේ උසම කඳු ශිඛරය වන එවරස්ට් කඳුවැටියේ අත්හැර දමන ලද කුණුකසළ මිනිස් අපද්‍රව්‍ය සහ පැරණි උපකරණ ටොන් ගණනාවක් පිරී තිබේ. දැන් ඒවා ඉවත් කිරීමේ මෙහෙයුමට උදව් වෙන මෙන් කඳු නගින්නන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

කඳු නගින්නන් විසින් අතරමග දී පාවිච්චියට ගනු ලබන කඳවුරු අවට කැන්වස් මලු දමාගොස් ඇති අතර කන්ද තරණය කරනු ලැබ ආපසු එන ගමනේ දී සෑහෙන තරම් කසල ප්‍රමාණයක් ආපසු ගෙන එන්නේ නැත්නම් ඔවුන්ට දඩ ගැසීමේ වැඩපිළිවෙළක් 2014 වසරේ පටන් ක්‍රියාත්මක කෙරෙයි. නමුත් කුණු කඳු ගැසීමේ ප්‍රවනතාව අඩුවී නැත. කඳු නගින්නන් කොතරම් අපද්‍රව්‍ය තොගයක් එවරස්ට් කන්දේ දමා යන්නේදැයි කිවහොත් එය ලෝකයේ ලොකුම කසළ කන්ද ලෙසත් උපහාසයෙන් යුතුව හඳුන්වනු ලැබ ඇත.

එවරස්ට් කලාපයෙන් වැඩිම කසළ තොගය සොයාගනු ලැබ තිබෙන්නේ, මුහුදු මට්ටමින් අඩි 21000ක් තරම් උසින් පිහිටි කඳවුරකිනි. ඔක්සිජන් ටැංකි, කූඩාරම්, ආහාර ගැනීමට පාවිච්චි කරන උපකරණ සහ කඳවුරුවල පාවිච්චි කරනු ලබන වෙනත් ද්‍රව්‍ය ඇතුළත් එම කුණුකන්ද පහළට ගෙන ඒම සඳහා හෙලිකොප්ටර් යානා යොදා ගැනීමට සිදුවිය.
පසුගිය කාලසීමාව ඇතුළත කසළ ටොන් දහසයක් එවරස්ට් කන්දෙන් ඉවත් කරනු ලැබ ඇතත් තවත් කොතරම් කසල ප්‍රමාණයක් එහි ඇද්ද යන්න තවමත් තක්සේරු කරනු ලැබ නැත. කඳු නගින්නන් විසින් සිදුකරනු ලබන පරිසර දූෂණයට අමතරව 2015 වසරේ නේපාලය මුහුණ දුන් මහා භූමි කම්පාවත් එවරස්ට් කන්දේ තත්ත්වය තවත් නරක අතට හැරීමට හේතු වූ බව විද්වතුන් පෙන්වා දෙති.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00