2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා

මෝදිට වාසි බිහාර් ඡන්දය!

 2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 89

මේ කොරෝනා කාලේ රටවල් 60ක් පමණ සිය ඡන්ද කල්දමා තිබියදී ඉන්දියාව තුළ අගමැති මෝදිගේ ජනප්‍රියතාව තින්දු කෙරෙන තීරණාත්මක මැතිවරණයක පළමු වටය ඉකුත් සතියේදී ඇරඹුණේය. කෝටි 2කට ආසන්න පිරිසක් වෙසෙන බිහාර් ප්‍රාන්තයේදීය. මෙය මෝදිට වාසි සහගත ප්‍රාන්තයක් ලෙස සැලකෙන්නකි. නේපාල දේශසීමාවට ආසන්න බිහාරය බුද්ධගයාව සහ මහාබෝධි විහාරය හේතුවෙන් බොදුනුවන්ට වැදගත් ප්‍රාන්තයකි.

මැතිවරණය අදියර 03කින් පැවැත්වෙයි. මුල් අදියරේදි ආසන 243න් 71කට නියෝජිතයන් පත්කර ගැනීමට ඡන්දය ප්‍රකාශ කෙරේ. ප්‍රාන්තයේ ප්‍රධාන ඇමති නිතිෂ් කුමාර්ය. ඔහු මෙවර තරග වදින්නේ සිව්වෙනි වතාවට බලයට පැමිණීමටය. මෙවර ඔහුගේ ජනතා දාල් පක්ෂයත්, පාලක භාරතීය ජනතා පක්ෂයත් එක්ව සන්ධානගතව තරග වදියි. මැතිවරණයේ ප්‍රතිඵල නොවැම්බර් 10දා ප්‍රකාශ කරන්නට නියමිතය.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00