2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා

සඳ මත ජලය ඕනෑ තරම්!

 2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 182

ඉතිහාසයේ මුල්වතාවට සඳෙහි එක් කොටසක සැබෑ ලෙසම ජලය ඇති තරම් තිබෙනා බව සොයාගැනීම‌ට නාසා ආයතනය ඉකුත් සතියේ සමත් විය. මේ බව හෙළි වුණේ  නාසා ආයතනය සතු විශේෂ ගුවන්යානයක සවිකළ අති සූක්ෂම අධෝරක්ත දුරේක්ෂයක්  යොදා ගනිමින් සිදුකළ පරීක්ෂණයකදීය.

නාසා ජෙට් යානයේ පුදුම හිතෙන සොයාගැනීමක් !

SOFIA ලෙස නම්කර ඇති 747 ජෙට් යානයකට සම්බන්ධිත දුරේක්ෂයක් මගින් සිදුකළ මේ ගවේෂණයේදී සඳේ සූර්ය තාපය හොඳින් ලැබෙන පැත්තේ ආවාටයන්හි ජලය සුලබව පවතින බව සනාථ කරන දත්ත ලැබී තිබේ. කොරෝනා බලපෑම නිසා පර් යේෂණ ගමන් මාර්තුවේදී නවතා දැමූ SOFIA නැවතත් අගෝස්තුවේ සිය නිරීක්ෂණ ඇරඹූ අතර මේ අපූරු ඓතිහාසික සොයාගැනීම සිදුවූයේ එයින් ලද දත්ත අනුවය. දැන් සඳ මතට අජටාකාශගාමියෙකු යවා මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට නාසා ආයතනය සැලසුම් කර තිබේ. ඒ සඳහා වූ සඳ ගමන 2024 දී සිදුවීමට නියමිතය.