2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා

දෙවැනි අගමැති ධූරයේදී ජසින්ඩාට තනි බලයක්!

 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 105

නවසීලන්තයේ ළාබාලතම අගමැතිවරිය ලෙස 2017දී පත්වු පෙරළිකාර චරිතයක් වන ජසින්ඩා ආර්ඩන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ද විශිෂ්ට ජයක් හිමිකර ගත්තාය.

ඉකුත්දා පැවති ඡන්ද විමසීමේදී අග්‍රාමාත්‍යවරියගේ පක්ෂය සියයට 49ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීමට සමත් විය. එරට ප්‍රධාන විපක්ෂයට හිමිව ඇත්තේ සියයට 27ක ඡන්ද ප්‍රතිශතයකි. මේ අනුව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩ්න් හට පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් හිමි හේතුවෙන් ඇයගේ ලේබර් පක්ෂයට තනිව රජයක් පිහිටුවීමේ හැකියාව පවතී. එසේ වුවහොත් 1996 වසරේ නව මැතිවරණ ක්‍රමය හඳුන්වා දීමෙන් අනතුරැව නවසීලන්තයේ තනි පක්ෂයක් විසින් රජයක් පිහිටුවන පළමු අවස්ථාව බවට එය පත්වනු ඇත. ඉදිරි සති තුනක කාලය ඇතුළත නව රජය පිහිටුවීමට කටයුතු කරන බව   ජසින්ඩා ආර්ඩ්න් කියයි.

නවසීලන්තයේ ලාබාලතම අගමැතිවරිය ලෙස සන්ධානයක් ගසා කම්කරු පක්ෂ රජයක් පිහිටුවන විට ඇය තිස් හත් හැවිරිදි විය. ඇය සිය දරුවා ලැබෙන්නට සිටියදී මැතිවරණ තරග බිමට අවුත් ජයග්‍රාහී සන්ධානයකට එක්වූවාය. තමන්ගේ දරුවා ද රැගෙන එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට ගිය ඇය එතැනදී ලෝකයේම අවධානයට ලක්වූවාය. මෑත කාලයේ කොවිඩ් වසංගතය සිය රට තුළ මනාව පාලනයට සමත් වීමෙන් ද ජනප්‍රසාදයට මෙන්ම ලෝක සම්භාවනාවට ද ලක්වූවාය. ඇය මුදල් අයකැමිවරියක ලෙස සේවය කරමින් දිරියෙන් උගෙන ජීවිතය දිනූ තැනැත්තියකි.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00